සංචාරකයෝ 69,941ක් මේ මාසයේ ලංකාවට ඇවිත්

120

මේ මාසයේ දින 26ට සංචාරකයන් 69,941ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වසර තුළ (දෙසැම්බර් 26 වනවිට) සංචාරකයන් 1,74,930ක් පැමිණ ඇති බවත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පිළිවෙළින් සංචාරකයන් 22,771ක් සහ 44,294ක් පැමිණ ඇති බවත් ඇමැතිවරයා පවසයි. මේ මාසයේ දින 26ක් තුළ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, ප‍්‍රශංය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බවද ඇමැතිවරයා කියා සිටී.

මෙම දින 26 තුළ පැමිණි සංචාරකයන්ගෙන් රුසියාවෙන් 7951ක්, එක්සත් රාජධානියෙන් 6,819ක්, ජර්මනියෙන් 4131ක් සහ ප‍්‍රංශ සංචාරකයන් 2,054ක් ලෙස පැමිණ ඇත.

මේ වනවිට නිලාවේලි සහ ඒ අවට, මාදු ගඟ හා ඒ අවට ආරුගම්බේ හා ඒ අවට, ති‍්‍රකුණාමලය, කල්කුඩා, පින්නවල, බෙන්තොට, කුච්චවේලි, කල්පිටිය, හික්කඩුව, ගල්කිස්ස, යාල, ඇල්ල, නුවරඑළිය, දේද්දුව, මීගමුව, බේරුවල සංචාරක කලාප 16ක් ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment