සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ 1 වැනි ලේකම් අතර හමුවක්

133

සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය 1 වන ලේකම් (වාණිජ හා සංස්කෘතික කටයුතු) ඉරීනා තාකූර් මහත්මිය අමාත්‍ය කාර්යාලයේ දී හමුවිය.

සාකච්ඡාව මූලික වශයෙන් අදහස් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා අපේක්‍ෂිත මාර්ග සිතියම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර සංවාදයක් ඇති කර ගැනීමයි. දෙරට අතර සාමූහික ප්‍රයත්නයක වැදගත්කම සහ දිගුකාලීන සබඳතාවය සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධතාව තව තවත් වැඩි දියුණු කිරීමට මෙය තුළින් බලාපොරොත්තු විය.

එමෙන්ම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරමින් සවිස්තරාත්මක සාකච්ඡාවක් ද කඩිනමින් සිදු කිරීමට අන්‍යොන්‍ය වශයෙන් එකඟ විය.

advertistmentadvertistment
advertistmentadvertistment