සංචාරක ලිපි රචක  හර්බට් කෙනමන්

234

ලෝකයට විශ්මකර්මයන් පහළ වන්නේ කලාතුරකිනි. ඔහුද ඉන් එක් අයෙකි. කර්තෘවරයෙක්, විලාසිතා නිර්මාණ ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සූපවේදියෙක්, ගී පද රචකයෙක්, සංචාරකයෙක්, නව නිර්මාණකරුවෙක්, ගවේශකයෙක් මෙන්ම ස්වභාදහම ප‍්‍රිය කළ මනුෂ්‍යත්වයේ ජීවගුණයෙන් හෙබි මේ විරල ගණයේ කලාකාමී සරල සුගම මිනිසාට විශ්මකර්මයෙක් යැයි කීම සාධාරණ යැයි මම සිතමි. එසේම මේ අයුරින් වර්ණනාලංකාර සහිතව ඔහුව හඳුන්වන්නේ ඇයිදැයි මා කරුණු ඇසුරින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කර ද පෙන්වමි.

සංචාරක ලිපි රචක  හර්බට් කෙනමන්

 ඔහු නමින් හර්බට් කෙනමන් ය. ශ‍්‍රී ලංකාවේ බර්ගර් ජාතික කෙනමන් පරම්පරාවේ සාමාජිකයෙකි. නැත්නම් ඔහු හිටපු කොමියුනිස්ට් පක්ෂ දේශපාලකයෙක් වූ පීටර් කෙනමන් මහතාගේ පිය පාර්ශ්වයට නෑකම් කියන අයෙක් ලෙස ද හැඳින්විය හැකිය. එතුමාගේ පියා හිටපු සුරාබදු කොමසාරිස්වරයෙකු වූ අතර ඔහුට නැගණියක්ද විය.

 ඒ කෙසේ වෙතත් හර්බට් කෙනමන් යනු වෙනස්ම ජීවන කලාවක මිහිර විදි පුද්ගලයෙකි.

සංචාරක ලිපි රචක  හර්බට් කෙනමන්


තම තරුණ අවධියෙහි පියතුමෙක් වූ එතුමා බම්බලපිටිය මිලාගිරිය දේවස්ථානයට අනියුක්ත මිෂනාරි පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි භාහිර කතිකාචාර්යවරයෙක් ලෙස ද තම රාජකාරි කටයුතු සිදු කළේ ය. ඒ අතරතුර දී එතුමා එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය සඳහා වේදිකා සැරසිලි, ඇඳුම් නිර්මාණය හා නළු නිළියන් පුහුණු කිරීම ආදී කටයුතු මගින් ද සහයෝගය දැක්වීය.

 විවාහ ජීවිතයෙන් දරුවන් නොලද මෙතුමා එවකට කන්‍යාරාම ගුරුවරියක වූ සිය බිරිඳ දොරින් ඩයස් ඒකනායක සමග කල් ඇතිව ගුරු සේවයෙන් විශ‍්‍රාම රැුගෙන කුඩා මෝටර් රථයක නැගී රට වටා ඇවිදිමින් සංචාරක ජීවිතයක් ගත කළේය.

 එම සංචාරක ජීවිතයේ දී එතුමාට මුණ ගැසුන එක් නවාතැන්පළක් ලෙස වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ප‍්‍රදේශයේ පිහිටි ඇහැටුවැව නමැති ගම්මානය හැඳින්විය හැකිය. ඇහැටුවැව ප‍්‍රදේශයේ පිහිටි රජයේ තානායමක් බදු පදනමින් මිලදී ගත් එතුමා තම බිරිඳ සමග එහි නතර වී මෙකී ප‍්‍රදේශයට ආවේණික වූ ජන ජීවිතය, ආහාර රටාව, ශාන්තිකර්ම ඇතුළු නර්තන, සංගීත සම්ප‍්‍රදායන් මෙන්ම ඓතිහාසික සිද්ධස්ථාන පිළිබඳව අධ්‍යනයක නිරතවිය. එම අධ්‍යනයන් මගින් සොයාගත් කරුණු දේශීය හා විදේශීය ස`ගරාවන්හි පළකළ අතර ‘‘ ත‍්‍රිබ්යුන්- Tribun˜” යනු එවැනි ස`ගරාවකට උදාහරණයකි. එසේම එවකට ඔහු ජීවත් වූ ඇහැටුවැව ප‍්‍රදේශයේ නිවස පාදක කරගනිමින් තමා ලත් දැනුම බෙදා හරින දැනුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ලදී. මෙම දැනුම් මධ්‍යස්ථානයට ලංකාවේ විරල ගණයේ කලාකරුවන් නිතරම පාහේ එක් රැස් වී හර්බට් මහතා සමග සංවාදයන් හි නිරත වීම සුපුරුදු දසුනක් විය. එසේ එක්වූ කලාකරුවන් අතරට ඡායාරූප ශිල්පී නිහාල් ප‍්‍රනාන්දු, නර්තන ශිල්පී පනීභාරත, ෆැඩි ඩෙකර්, චිත‍්‍ර ශිල්පී ලකී සේනානායක වැන්නවුන් අයත් විය.

 හර්බට් කෙනමන් මහතා දේශීය සම්ප‍්‍රාදායන් අධ්‍යනයට සමගාමීව එම සම්ප‍්‍රදායන් ආශ‍්‍රිත පාරම්පරික ශිල්පීන් දිරිගැන්වීම හා ඔවුන්ට තම ශිල්පීය නිපුණත්වය ලොවට විදහාපෑමට අවශ්‍ය වන මාර්ගය පාදාදෙමින් විශාල සේවයක් ද සිදුකළේය. ඇහැටුවැව, රත්න දිවුල්වැව ගම් ප‍්‍රදේශයේ විසූ ඩිංගිරියා ගුරුන්නාන්සේගේ පරම්පරාවට අයත් බෙර, උඩැක්කි හා නැටුම් සඳහා දස්කම් දැක්වූ විල්බට් ගුරුන්නාන්සේ හා ඔහුගේ සහෝදරියක වූ ලන්සිනා මෙතුමාගේ අතහිත ලැබ තම ශිල්පය ප‍්‍රගුණකරගත් අය අතරට අයත් වෙති.

 ගැමි ජනතාව අතර ප‍්‍රචලිතව පැවති නාඩගම්, නූර්ති, කොහොඹාකංකාරිය වැනි සාම්ප‍්‍රදායික ජන අංගයන් ප‍්‍රදර්ශනය ට පහසුකම් සලසා දෙමින් ද එම දර්ශන පටිගත කර එවැනි ස්මරණීය අවස්ථා සුරැකිව තබා ගැනීමටද හර්බට් කෙනමන් මහතා කටයුතු කළේය.

 ගල්ගමුව ඇහැටුවැව ප‍්‍රදේශයේ ජන සමාජය අද්‍යනයෙන් පසුව කෙනමන් යුවළ යාපනයේ පිහිටි හැමන් හිල් පෘතුගීසි බලකොටුව රජයෙන් බද්දට ගෙන එහි යම් යම් තැන් නැවත පිළිසකර කර වාසය කර ඇත. එසේම යාපනය ප‍්‍රදේශයේ ද සංචාරක දියුණුව වෙනුවෙන් එතුමා බොහෝ වැඩ කටයුතු ප‍්‍රමාණයක් සිදු කළ අතර යාපනය ප‍්‍රදේශයේ පිහිටි කදුරුගොඩ විහාරය, ඩෙල්ෆ්, නාගවිහාරය, යනාදී ඓතිහාසික සිද්ධස්ථාන ඇසුරු කරගනිමින් ඒවායෙහි සුබසිද්ධිය ට කටයුතු කරමින් ද තම අධ්‍යනයන් දියත් කරමින්ද කාලය ගත කළේය. එතුමා යාපනය ප‍්‍රදේශයේ ජීවත්වන කාලවකවානුව තුළ සූසු මුත්තු නම් දමිළ ජාතික පුද්ගලයෙක් එතුමාට උපකාර කළ බවද සඳහන් වෙයි. ද්‍රවිඩ ජන සමාජ සිරිත් විරිත්, කෑම බීම, නර්තන, සංගීත කලා සම්ප‍්‍රදායන් පිළිබඳව ඔහු ලබාගත් දැනුම ජාතික හා අන්තර්ජාතික ලිපීන් හි පළකරමින් යාපනය ප‍්‍රදේශයට සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම සඳහා එතුමා උනන්දු විය.

 යාපනය ප‍්‍රදේශයේ කලක් වාසය කළ එතුමා තම බිරිඳ සමග නුවර ප‍්‍රදේශය කරා ගමන් කළේය. නුවර ගලහ ප‍්‍රදේශයේ පිහිටි දෙවන රාජසිංහ රජතුමාගේ අතීත ආරක්ෂක මාලිගාවක් වූ නිලමේ බංගලාව ද බදු වශයෙන් මිලදී ගත් එතුමා උඩරට ජන සම්ප‍්‍රදායන් පිළිබඳව ද සුපුරුදු අධ්‍යනයක නිරත විය. උඩරට කලාව, ආහාර රටාව, සිරිත් විරිත් ආදී නොයෙකුත් දෑ පිළිබඳ අධ්‍යනය කරමින් ද එම කරුණු ස`ගරාගත කරමින් ද සිටින අතරතුර හදිසියේ හර්බට් කෙනමන් මහතාගේ බිරිඳ මිය ගිය නිසා ජීවිතය පිළිබඳව ඇති වූ කනස්සල්ලත් සමග නුවර ප‍්‍රදේශය හැර දමා යළිත් ඔහු 1972 වර්ශයේ දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ප‍්‍රදේශයේ ඇහැටුවැව ගම්මානයට පැමිණියේය.

 එතුමා සිය සංචාරක ජීවිතය මගින් උකහාගත් දැනුම ආශ‍්‍රය කොටගනිමින් රචිත ග‍්‍රන්ථ අතරට,

 • Sri Lanka ( based on a manuscript by Herbert
 Keuneman
 • with the dawn
 • Le grand guide ceylan( SRI LANKA&
 ^BIBLIOTHEQUE DU VOYAGEUR& By
 Keuneman” Herbert
 • Ceylon in pictures. [Text by Herbert Keuneman.
 Designed & edited by the Publicity Division of the Ceylon Tourist Board

 වැනි ඒවා අයත් වෙයි.

 1972 වර්ශයේදී ඇහැටුවැව ගම් ප‍්‍රදේශයට නැවත පැමිණීමෙන් එතුමා ප‍්‍රදේශය පිළිබඳ ලියූ ලිපි කියවා එහි සුන්දරත්වයට වශී වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1973 වර්ශයේ දී ‘‘දෑස නිසා” චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා ගල්ගමුව ඇහැටුවැව ප‍්‍රදේශය

 තෝරාගන්නා ලදී. එතැන් පටන් වර්තමානය දක්වා නොයෙකුත් කලානිර්මාණයන්ගේ පසුබිම් දර්ශනයන්ට ඇහැටුවැව ප‍්‍රදේශය මූලික වනු දැකිය හැකිය.

 හර්බට් කෙනමන් මහතාගේ ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන සංකේතයක් ලෙස ඇහැටුවැව, ගල්කඩවල පිහිටි ‘රුක්කත්තන වත්ත නිවස’ හැඳින්විය හැකි අතර එය ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය ගතකළ ස්ථානයයි. නිස්කලංක පාරිසරික වටපිටාවක් තුළ නිර්මිත මෙම නිවස ස්වාහාවික පරිසරයේ අමුද්‍රව්‍ය වන කොහොඹ, පොල්, මාර, කොළොන්, බුරුත, වැනි ලී වර්ග වලින් සහ මැටි වලින් නිර්මාණය කර ඇත.

 නිවසේ ප‍්‍රධාන දොර පැරණි රජමහා විහාරවල දක්නට ලැබූ දොරක ආකෘතිය ගෙන ඇති අතර උළුඅස්සේ ඇම්බැක්ක ලී කැටයමක් ආශ‍්‍රය කරගෙන නිර්මාණය කරන ලද ලී කෙලි නැට්ටුවන්ගේ රූප පෙළක් දක්නට ලැබෙයි. නිවසෙහි ප‍්‍රධාන පිවිසුම අභියස කළු ගලින් නිම වූ සදකඩපහණකි. එසේම එහිවන ජනෙල් ද අමුතුම හැඩයක් ගන්නා අතර ලීයක ආධාරයෙන් ජනෙල් පියන විවෘතව තැබීමට කටයුතු කර ඇත.

 හර්බට් කෙනමන්ගේ පද රචනය ගැන කතා කරන විට, මෙය ඔහු කුඩා ළදරුවෙකු සඳහා ලියූ සුවිශේෂී ගීතයකි.

 LULLABY FOR NILU
 Sleep” my baby” darling” dear one”
 Close your eyes” like folded flowers”
 z Neath the soft breeze breathing ozer you
 Scented from soft-darkling bowers.
 Soft the spent light falling round you¦
 Soft your pillow” soft your bed¦
 But my love shall wrap you softer
 Wheresoezre you lay your head.

 Now the sunzs harsh blaze is over”
 Gentler lights hang in the sky”
 All the tender lamps of evening
 (Moon” and stars” and soft firefly.
 Softer still the lights I cherish)
 Trust and Love and joy and grace
 ^When I come to my dark slumber&
 Bless me — shining from your face æ
 -Herbert keuneman


 නිලූ සඳහා ගායනයේ සිංහල පරිවර්තනය.

 නිදාගන්න, මගේ බබා, ආදරණීය, ආදරණීය, නැමුණු මල් මෙන් ඔබේ ඇස් වසා ගන්න,

 ‘සිහින් සුළඟ ඔබ දෙසට හමා යයි

 මෘදු අඳුරු බෝවර් වලින් සුවඳයි.

 වැය වූ ආලෝකය ඔබ වටා වැටෙන මෘදු;

 ඔබේ කොට්ටය මෘදු කරන්න, ඔබේ ඇඳ මෘදු කරන්න;

 නමුත් මගේ ආදරය ඔබව මෘදු ලෙස ඔතා ගනීවි

 ඔයා කොහෙද ඔළුව වැනුවේ.

 දැන් හිරුගේ දරුණු ගිනිදැල් අවසන්,

 සැහැල්ලූ විදුලි පහන් අහසේ එල්ලී ඇත,

 සන්ධ්‍යාවේ සියලූම ටෙන්ඩර් ලාම්පු:

 සඳ, සහ තරු, සහ මෘදු ගිනි මැස්ස.

 මෘදු තවමත් පහන් මම අගය කරමි:

 විශ්වාසය සහ ආදරය, ප්රීතිය සහ කරුණාව

 (මම මගේ අඳුරු නින්දට පැමිණෙන විට*

 මට ආශීර්වාද කරන්න — ඔබේ මුහුණෙන් බැබළෙන්න!

 – හර්බට් කෙනමන්-

 මීට අමතරව, ඔහු විසින් නිර්මාණය කරන ලද කෑම වට්ටෝරු ද අද්විතීය රසයන් සහිත අපූරු ඒවාය.

 හර්බට් කෙනමන් මහතා 1977 අපේ‍්‍රල් 15 වැනිදා මෙලොව හැර ගියේය. ඔහු අප අතරින් වියෝවෙත්ම ඔහුගේ මතකයෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් යටපත් වූ අතර, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක වශයෙන් ඔබට එවන් චරිතයක මතකය නැවත විවර කිරීම සුදුසු බැවින් මම මෙම ලිපිය රචනා කළෙමි.

 විස්තර :

 පී. බී. ගල්කඩවල.

 හිටපු උප විදුහල්පති

 සාම විනිසුරු

 (හර්බට් මහතාගේ සමීපතමයෙකි.)

 ඞී. එම්. අමාදි සංජන දසනායක.

 උපාධි අපේක්ෂකයා: විද්‍යාවේදී (ගෞරව) සංචාරක හා ආගන්තුකසත්කාර කළමනාකරණය.

 ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment