සංචාරක වීසා කඩිනමින්

172


මෙරට සංචාරක සමය ආරම්භ වීමත් සමග පැමිණෙන සංචාරකයින්⁣ගෙ පැමිණීම වැඩිවීම හේතුවෙන් වීසා බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ගුවන්තොටුපල වල අතිරේක කවුලු විවෘත කිරීමට පියවර ගන්නා ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක හා මත්තල ගුවන් තොටුපොළ නිලධාරීන්ට නියෝග ලබා දී ඇත.
විශේෂයෙන් දැනට මත්තල ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින් හට ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී වීසා බලපත්‍ර ලබා ගැනීමට පැය හතරකට වැඩි කාලයක් ගුවන් තොටුපලේ රැඳී සිටීමට සිදුවන බව අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment