සංචාරක වීසා රැකියා වීසා කරන්න බැහැලු

301


මෙරට ඇතැම් විදේශ රැකියා ඒජන්තවරුන් විසින් පසුව රැකියා වීසා බවට වෙනස් කළ හැකියයි පවසමින් විදේශ ශ්‍රමිකයන් සංචාරක වීසා යටතේ විවිධ රටවල්වලට යැවීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
විශේෂයෙන්ම මැලේසියානු ආගමන බලධාරීන් විසින් සංචාරක වීසා හිමි තැනැත්තන් පරීක්ෂා කිරීමට දැඩි පියවර ගනිමින් සිටින අතර පසුගිය මාස කිහිපයේ සිට එරටට ඇතුළුවීමට අවසර නොලැබෙන විදේශ සංක්‍රමණිකයන් සතියකට 20 දෙනෙකු පමණ ගුවන් තොටුපළෙන් සෘජුවම ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇතැයිද පවසයි.
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට මැලේසියාවෙන් පිටවීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය 2022 ජුනි 30 වැනිදායින් අවසන් වී ඇති අතර අඛණ්ඩ වැටලීම් සිදුකරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැති විදේශිකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට මැලේසියාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන කටයුතු කරමින් සිටින අතරල අදාළ ශ්‍රමිකයන් නිදහස් වූ පසු තමන්ගේම වියදමින් රටෙන් පිටුවහල් වීමට කටයුතු කරන තෙක් ඔවුන් නියමිත රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබනු ලබන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment