සංචාරක හා විදේශගත රැකියා සඳහා පහසුකම් සලසනවා

183

එකට එක්වී වැඩකර අපේ දුක අපි නැති කරගමු..

අපි සියලු දෙනාම එක්වී රට ගොඩනැඟීමට කටයුතු කළොත් අපේ දුක අපටම නැති කරගත හැකි යැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඊයේ (01 දා) පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව කීවේය. ආයෝජකයන් සඳහා පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහනක් හඳුන්වාදීම සඳහා මේ උත්සවය පැවැත්විණි.

මෙහිදී පැමිණ සිටින පිරිස ඇමතූ ඇමැති ධම්මික පෙරේරා මහතා මෙසේද කීවේය.

රට යන්න කාටහරි ආවත් ලේඛන තිබේනම් ඒ අයට අලුතින් පාස්පෝට් එකක් ගන්න අපි අලුතින් කවුන්ටර් ඇරල තියෙන්නේ. ඒ නිසා කවුරුහරි ලබන සුමානේ රට යන්න ඉන්නවානම් එයාට බත්තරමුල්ලේ පාස්පෝට් ඔෆිස් එකට එන්න පුළුවන්. අපි ලබන සඳුදා ඉඳලා එක්දින සේවාව පටන් ගන්නවා. මාතර, නුවර සහ වවුනියාවේ. එතකොට දැනට තියෙන දීර්ඝ පෝලීම ඒ තැන්වලට බෙදිල යයි කියල හිතනවා. ඒ නිසා පාස්පෝට් ගන්න වවුනියාව පැත්තේ ඉඳන් කොළඹ එන්න එපා. නුවර පැත්තට යන්න පුළුවන් අය කොළඹ එන්න එපා. මාතර පහුකරල කවුරුත් කොළඹ එන්න එපා. මේක හරියට තිබුණා නං අපි මේ වගේ දුක් විඳින්න ඕන නැහැ. මම හිතනවා අපේ දුක අපටම නැති කරගන්න පුළුවන්. අපි ඔක්කොම එකතුවෙලා මේ රට ගොඩගන්නව කියලා හිතුවොත් ඒක කරන්න පුළුවන්. අපේ රටේ ජාතික චින්තනයක් තියෙනවා. රට ජරාජීර්ණ වෙලා මිනිස්සු පෝලීම්වල බුදිනම් ඒක දැක්කට පස්සේ ගොඩක් සංචාරකයෝ එන්නේ නෑ. එන ප්‍රමාණය සියයට 20-15 ක් වෙන්න පුළුවන්. මම හිතනවා හැමෝම එකතුවෙලා ජාතියක් හැටියට මේ වෙලාවේ නැගිටින්න පුළුවන්නම් ඒක තමයි ජාතියේම යුතුකම කියල.

සංචාරක සහ විදේශ රැකියා යන අමාත්‍යාංශ දෙකටම පහසුකම් සලසන කටයුතු අපි කරනවා. පාස්පෝට් දුන්නේ නැත්නම් රට රැකියාවලට ඒ අයට යන්න විදිහක් නෑ. ඒ නිසා කාටහරි පිටරට යන්න ඕන නම් එයාට ඔක්කොම ලියකියවිලි තියෙනවානම් ඒ සඳහා වෙනම කවුන්ටරයක් ඇරල තියෙනවා පාස්පෝට් ඔෆිස් එක්දින සේවයක්. ඒ අයට පෝලිමේ ඉන්නෙ නැතුව වෙනම පාස්පෝට් එක අරගෙන යන්න පුළුවන්.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment