සංචාරයට හොඳම රටවල් 24 අතර පළමු තැන ලංකාවට

179

ට්‍රැවල් ට්‍රෑන්ගල් නම් සංචාරක වෙබ් අඩවියට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇත.

එම වෙබ් අඩවියට අනුව රන්වන් වෙරළ, වන සතුන්ගෙන් පොහොසත් කැලෑ, පෙරළෙන තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කඳු ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම ආසියාතික රටවලින් එකක් බවට පත්ව තිබේ.

“මෙම දූපතේ සුන්දරත්වය සහ භෞතික විවිධත්වය ගැන සංචාරකයන් පුදුම වෙනවා. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන සිරිපා කඳු මුදුනේ සිට දර්ශනය සිත් ඇදගන්නා සුළු බව දන්නා කරුණකි. ඔබේ හැකියාව අනුව පැය 5-6ක් ඇතුළත ඔබට මෙම ලෝක උරුම අඩවියට නැඟිය හැක.

එහි තවදුරටත් විස්තර කරන්නේ ශ්‍රී ලංකා මුහුදේ ලොව විශාලතම ක්ෂීරපායී එනම් නිල් තල්මසා දැකගත හැකි බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment