සංචිතය තේරීමේදී තමන්ගේ කැමැත්ත සලකාබලා නැතැයි රෂිඞ් ඛාන් නායකත්වයෙන් අස්වෙයි

194

තේරීම් කමිටුව සහ ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය තම ඉල්ලීම නොසලකා හරිමින් ලෝක කුසලාන සංචිතය තෝරාගෙන ඇති බවට විරෝධය පළ කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක රෂිඞ් ඛාන් එම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වී ඇත.

 ලෝක කුසලාන සංචිතය ප‍්‍රකාශයට පත් කර පැය එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ රෂිඞ් ඛාන් එහි නායකත්වයෙන් ඉවත් වී ඇති අතර ඒ අනුව මොහමඞ් නබී එහි නායකත්වයට පත්වනු ඇති බව වාර්තා වේ.

 ‘‘නායකයකු ලෙසත් ජාතියට වගකිවයුතු පුද්ගලයෙකු ලෙසත් කණ්ඩායමේ තේරීම්වලට මාගේ තීරණ සලකා බැලිය යුතුයි. ඒත් මගේ මතය ඔවුන් බැහැර කර තිබෙනවා. මං නායකත්වයෙන් ඉවත් වෙනවා. ඒත් කණ්ඩායමේ කී‍්‍රඩකයකු ලෙස තරගාවලියට සහභාගි වෙනවා’’ යැයි රෂිඞ් පසුව මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබිණි.

 ඇෆ්ගනිස්තානයේ ලෝක කුසලාන සංචිතය පෙරේදා ඇෆ්ගනිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ තිබිණි. එය මෙසේය

 රෂිඞ් ඛාන්, මුජ් උරු රහමන්, රහමනුල්ලා, ගුර්බාස්, කරිම් ජනට්, හෂ්රටුල්ලා ශාෂයි, ගුල්බඩින් නයිබ්, උස්මන් ගානි, නවීන් උල් හක්, අස්ගර් ඇෆ්ගන්, හමීඞ් හසන්, මොහමඞ් නබී, ෂාරිෆ‍්‍රඩින් අස්රෆ්, නජ්බුල්ලා සර්දාන්, ඩව්ලට් සර්දාන්, හෂ්මටුල්ලා ෂාෂිදි, ෂිපුර් සර්දාන්, මොහමඞ් ෂිසාඞ්, කයිස් අහමඞ්

advertistmentadvertistment
advertistmentadvertistment