සංචිත ලැබුණත් රුපියල එතනමයි

989

මහ බැංකුවට විදේශ මුදල් ලැබුණත් එම ඩොලර් දේශීය විනිමය වෙළෙඳපොළට සපයන්නේ නැත්නම් ඇමරිකානු ඩොලරය සහ ශී‍්‍ර ලංකා රුපියල අතර විනිමය අනුපාතයට බලපෑමක් සිදු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති.

මහ බැංකුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහ චීනයෙන් ලැබී ඇති විදේශ මුදල්වලින් මහ බැංකුව සතු විදේශ සංචිත මට්ටම ශක්තිමත් වුව ද මහ බැංකුව එසේ ලැබෙන ඇමෙරිකානු ඩොලර් විනිමය වෙළෙඳපොළේ විකුණන්නේ නැත්නම් ශී‍්‍ර ලංකාවේ රුපියල ශක්තිමත් වීමට බලපෑමක් ඇති නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.

ඇමෙරිකානු ඩොලරය සහ ශී‍්‍ර ලංකා රුපියල අතර විනිමය අනුපාතය තීරණය වන්නේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලූම හා සැපයුම අනුවය. එහෙත් විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් සැපයුම ඉහළ නොයන්නේ නම් ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අතර විනිමය අනුපාතය ශක්තිමත් වීමට බලපෑමක් ඇති නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල් ලැබී ඇත්තේ එස්. ඞී. ආර්. විනිමය ඒකකවලින් වන අතර ඒවා මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර්වලට පරිවර්තනය කරගත යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment