සංචිත වත්කම් ඉහළට : විදෙස් සංචිතත් වැඩිවෙයි

583

ඉකුත් නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාව සතු මුළු නිල සංචිත වත්කම්වල ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මස පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1804 දක්වා වර්ධනය වී ඇත.

මෙය නිල සංචිත වත්කම්වල සියයට 5.8 ක ඉහළ යෑමකි.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඉකුත් ඔක්තෝබර් මස අග පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 1610 සිට ඉකුත් නොවැම්බර් මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1732 දක්වා සියයට 7.6 කින් වර්ධනය වී ඇත.

මේ අතර රත්රන් සංචිතයද පසුගිය ඔක්තෝබර් අගදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 25 සිට ඉකුත් නොවැම්බර් මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 27 දක්වා සියයට 8.3 කින්ද වර්ධනය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment