සංචිත හතරකින් ක්‍රීඩකයෝ 34ක් කැන්ගරු දේශයේ සිට ජුනි මසදී දිවයිනට

304

එළඹෙන ජුනි සහ ජූලි මාසවල දී තරග සංචාරය සඳහා සංචිත හතරක් නියෝජනය කරමින් ඔස්‌ට්‍රේලියා ක්‍රීඩකයින් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇත.

ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග නියෝජනය කරන ජාතික සංචිතවලට අමතරව එරට ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ගෙන් යුතු සංචිතයක් ද එම කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරයි.

පන්දුවාර විස්සයි විස්ස තරග තුනකින් ආරම්භ වන ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කරන ලද පන්දුවාර විස්සයි විස්ස සංචිතයට ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් ඇතුළත් නොවේ. එමෙන්ම පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා පෞද්ගලික හේතුවක් මත මෙවර සංචාරයට එක් නොවීමට තීරණය කර ඇත. පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය ජුනි 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

සුපුරුදු පරිදි සීමිත පන්දුවාර තරගවල නායකත්වය ඒරන් ෆින්ච් විසින් දරනු ලබන අතර ජුනි මස 14 වැනි දා දෙරට අතර පළමු එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. පන්දුවාර විස්සයි විස්ස තරගවලදී විවේක ගන්වනු ලබන ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් එක්දින තරග සඳහා එක්වීමට නියමිතව සිටින අතර එක්දින තරග 5 ක් තරගාවලියට අයත් වේ.

ඔස්‌ට්‍රේලියාව සහභාගීවන ටෙස්ට් තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ජුනි මස 29 වැනිදා දා ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි මස 08 වැනිදා ද ආරම්භ වීමට නියමිත වේ.

ඔස්‌ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සහභාගී වන සිව්දින තරග දෙක හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරගය ජුනි මස 14 වැනිදා ආරම්භ වෙයි.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුක්ත අතර ටෙස්ට් සංචිතයේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු වන මාකස් හැරිස් සහ මාර්ක් ස්ටෙකෙටී ඊට ඇතුළත් නොවන අතර ඔවුහු ‘ඒ’ කණ්ඩායමට එකතු වී සිටිති.

ඔස්‌ට්‍රේලියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේ 2016 වසරේදී වන අතර එහිදී ඔවුන් ටෙස්ට් තරග තුනම පරාජයට පත්වූ නමුත් එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කරන්නට සංචාරකයන්ට හැකි විය.

සංචිත හතරකින් ක්‍රීඩකයෝ 34ක් කැන්ගරු දේශයේ  සිට ජුනි මසදී දිවයිනට

ඔස්‌ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය

ඒරන් ෆින්ච් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හේසල්වුඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජායි රිචඩ්සන්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර් සහ මැතිව් වේඩ්

ඔස්‌ට්‍රේලියානු එක්දින සංචිතය

ඒරන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මානස් ලැබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටිවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන් සහ ඩේවිඩ් වෝනර්

ඔස්‌ට්‍රේලියානු ටෙස්ට් සංචිතය

පැට් කමින්ස් (නායක). ස්ටිවන් ස්මිත් (උපනායක), ඇෂ්ටන් ආගර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, මානස් ලැබුස්චේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ම්චෙල් ස්ටාක්, මිචෙල් ස්වෙප්සන් සහ ඩේවිඩ් වෝනර්

ඔස්‌ට්‍රේලියානු ‘ඒ’ සංචිතය

සීන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, ඒරන් හාඩී, මාකස් හැරිස්, ට්‍රැවිස් හෙඩ්, හෙන්රි හන්ට්, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කුනේමන්, නික් මැඩින්සන්, ටොඩ් මාෆී, ජොෂ් ෆිලිප්ස්, මැට් රේන්ෂෝ, ජේ රිචඩ්සන්, තන්වීර් සංඝා, මාක් ස්ටෙකෙටී

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment