සංජීව ධම්මිකට ආනන්ද පාලිතට ඇප

36

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ට සාපරාධී බලහත්කාරකම් පෑම හා සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන මහත්වරුන් රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26දා) නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කොට තිබූ මොහාන් සමරනායක මහතා වැඩ බලන නිල නොලත් මහෙස්ත්‍රාත් නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සංජීව ධම්මික මහතා හඳුනා ගත්තේය. ආනන්ද පාලිත මහතා විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කොට නොතිබූ අතර මහෙස්ත්‍රාත්වරයා ඔහු ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කළේය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන අප්‍රේල් 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා කොල්ලුපිටිය පොලිසියට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment