සංඥාව වැරදුණත් ජීවිත දෙකක් අනූනවයෙන් බේරෙයි

1323

නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වසන්නැයි ගේට්ටු මුරකරුට නිසි අයුරින් සංඥා ලබා නොදීම හේතුවෙන් කිරුළපන පුර්වාරාම සද්ධර්මෝදය විදුහල ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් මෝටර් රථයක් කැලණි වැලි දුම්රියේ ගැටී ඇති අතර, එහිදී රථයේ සිටි කාන්තාවන් දෙදෙනකුගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි කිරුළපන පොලිසිය පවසයි.

පෙරේදා (06 දා) සවස 6.45 ට පමණ මෙම දුම්රිය අනතුර සිදු වී තිබේ.

එම මෝටර් රථය පැද වූ කාන්තාව සහ එහි ගමන් ගත් තවත් කාන්තාවක් අනතුරින් දැඩි කම්පනයට පත්ව රෝහල් ගත කිරීමට අනතුර සිදු වූ ස්ථානයට රැුස් වූ පිරිස කටයුතු කරනු ලැබ තිබිණි.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදු වී ඇතැයි ද පොලිසිය කියයි.

කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතයක රැුකියාව නිමකර මහරගම තම නිවෙස් කරා මෝටර් රථයෙන් ගමන්කරමින් සිට ඇති කාන්තාවන් දෙදෙනා රථය කිරුළපන පුර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව විවෘත කර තිබීම හේතුවෙන් ඒ හරහා ගමන්කිරීමට උත්සාහ දරා තිබේ. එහිදී කොළඔ දෙස සිට පාදුක්ක බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය මෝටර් රථයේ වම්පස බඳ පෙදෙසේ ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

තමාට නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වසන්නැයි සංඥාවක් නොලැබුණු බවට එම දුම්රිය හරස් මාර්ගයේ මුරකරු පොලිසියට කට උත්තරයක් දී තිබේ.

එම ප‍්‍රකාශයට අනුව නුගේගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් ද ප‍්‍රකාශයක් ලබාගන්නා බව ද පොලිසිය කියයි.

නුගේගොඩ දුම්රිය ස්ථානය පැත්තෙන් රාජකාරිය පැහැරහැරීමක් සිදු වුයේ ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද පොලිසිය පවසයි.

මේ පිළිබඳව කිරුලපන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සූරියආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් කුමාර (81780) සහ නුගේගොඩ පොලිස් මුරපළේ් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රුවන් මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment