සංඥා කුළුණ අලුත්වැඩියාවට ගිය දෙදෙනා කැබ් රථය ප‍්‍රපාතයට පෙරළී මරුට

650

පෞද්ගලික දුරකථන සමාගමක සංඥා කුලූනක ඇති වූ දෝෂයක් නිවැරැදි කිරීමට ගිය දෙදෙනකු රැුගත් කැබ් රථයක් ගලහා, දෙල්තොට, හේවාහැට මාර්ගයේ නාරංහින්න ප‍්‍රදේශයේ දී අඩි 1250 ක ප‍්‍රපාතයට පෙරළී යෑමෙන් එම දෙදෙනා මියගොස් ඇතැයි ගලහ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ මවුන් ටෙම්පල් ප‍්‍රදේශයේ පදිංචි උස්වත්ත ලියනගේ මෛත‍්‍රීපාල නමැති 64 හැවිරිදි රියැදුරු මහතා හා මහනුවර ප‍්‍රදේශයේ පදිංචි එම්. ඞී. ආර්. බණ්ඩාර නමැති තිස්පස් හැවිරිදි අයෙකි.

බණ්ඩාර නමැති මොහු මෙම දුරකථන සමාගමේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියෙකි. මෙම දුරකථන කුලූන පට්ටියගම උඩ කොටසේ පිහිටා ඇති අතර ඒ සඳහා යෑමට ඇත්තේ කැලෑබද දුෂ්කර මාර්ගයකිනි. මොවුන් රැුගත් කැබ් රථය පෙරේදා (14 දා) දහවල් කන්දෙන් පහළට පෙරළී ඇතත් එය කිසිවකුත් නොදැන සිටි බව පොලිසිය පවසයි.

කැබ් රථයේ සිරවී සිටි එක් අයෙකු පිටතට ගැනීමට ද බොහෝ වේලා ගතවී ඇති අතර මොවුන් දෙදෙනා ගලහ රෝහලට රැුගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු පේරාදෙණිය රෝහල වෙත රැුගෙන විත් ඇත. එම පරීක්ෂණ කටයුතු ඊයේ (15 දා) සිදුකිරීමට නියමිතව තිබුණි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment