සංවර්ධනය කරන බව කියමින් ග්‍රෙගරි වැවේ ජලය හිස්කරයි!

234

සීතල දෙසැම්බර් මාසයේ සුන්දර නුවරඑළිය ග්‍රෙගරි වැව් ඉස්මත්ත සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි. එහිදී බොහෝ සංචාරකයෝ ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරියක නිරත වීමට ද අමතක නොකරති.

පසුගිය කාලයේ කොවිඞ් වසංගත තත්ත්වයත් සමග පාළුවට ගිය නුවරඑළිය ග්‍රෙගරි වැව සහ ඒ අසල ප‍්‍රදේශයේ මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් සිදුවෙමින් පවතී. නුවරඑළිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රෙගරි වැවේ ඉවුරේ ඇවිදින මංතීරුවක් ඉදි කිරීම ඇතුළු ග්‍රෙගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑළිය මහ නගර සභාව විසින් පෙරේදා (22දා) සිට වැවේ ජලය හිස් කිරීමට පියවර ගෙන ඇති බව බෝට්ටු සංචාරකයන්ගේ සංගමයේ සාමාජිකයෝ පවසති.

සංවර්ධනය කරන බව කියමින් ග්‍රෙගරි වැවේ ජලය හිස්කරයි!

මේ දිනවල නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බවත්, එම සංචාරකයන්ට පවත්නා තත්ත්වය මත ග්‍රෙගරි වැවේ විනෝද වීමට අවස්ථාවක් නොලැබීමෙන් එම කර්මාන්තයේ යෙදී සිටි සාමාජිකයන් 175 දෙනකු පමණ දැඩි පීඩාවට පත් වී සිටින බව නුවරඑළිය ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු සංගමයේ සාමාජිකයෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය නගරාධිපතිවරයාගෙන් සහ නාගරික කොමසාරිස්වරියගෙන් කරුණු විමසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment