සංවර්ධනය පෙරට දමා පරිසරය විනාශ කළොත් රටේ අනාගතය අඳුරේ – ආදිවාසී නායක වන්නිල ඇත්තන්

93

එදා රජකාලේ දීපු දඬුවම් අද තරුණ පරපුර විලාසිතාවලට අරන්
පසුගිය රජය එදා දැවැන්ත වන විනාශයකට සැරසුණා

පසුගිය කාලයේ මහඔය රඹකැන්ඔය රක්ෂික වනාන්තර භූමි එළි කිරීම හා රිදීමාලියද්ද දෙහිගම උක් වගාව සඳහා අත්පත් කර ගත් පාරම්පරික හේන් වගා භූමි ඇතුළු පරිසර විනාශයන් රැසක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ලබාදුන් සහාය හේතුවෙන් මේවන විට තාවකාලිකව නැවතී ඇති බව ආදිවාසී නායක වන්නිල ඇත්තන් පෙරේදා (24) කොටබකිනිය ගම්මානයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

පසුගිය රජය සමයේ වනාන්තර එළිපෙහෙලි කරමින් සිදු කිරීමට සූදානම් වූ දැවැන්ත වන විනාශයන් ආදිවාසී නායකයාගේ මැදිහත් වීමෙන් පරිසර යුක්ති කේන්ද්‍රයෛ් සහයෙන් අධිකරණ කටයුතු සිදු කිරීම හේතුවෙන් තාවකාලිකව නතරවී ඇති පසුබිමක, එම ප්‍රදේශවල වත්මන් තත්වය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරින් ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආදිවාසී නායකතුමන් බැහැදැකීමට දඹාන කොටබකිණිය ගම්මානයට පැමිණි අවස්ථාවේදී ඔවුන් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව ආදිවාසී නායකවන්නිල ඇත්තන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.

මේ කාලේ වෙනකොට අපේ රටේ විතරක් නෙවෙයි මේ ලෝකයම, ලොකු තරඟයකට මුහුණ දීලා. දියුණුව කරේ තියාගෙන යන කාලයක්. ඉතින් මේ කාලයේදී මම හිතනවා අපි අපිට අහිමි වන දේවල් ගොඩක් තියෙනවා. ඒකෙන් ආගම ධර්මය පරපුර සොබාදහම අහිමි වෙනවා. ඉතින් මෙහෙම තරඟකාරී සමාජයක ලෝකය ආරක්ෂා කරගන්න ගොඩක් කණ්ඩායම් එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒක මේ සංවර්ධනය කියන එකත් එක්ක අමාරුයි.

ඒ වගේ වෙලාවක තමයි මගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ “පරිසර යුක්ති කේන්ද්‍රය“. මේ පරිසර යුක්ති කේන්ද්‍රය මට ගොඩක් දේවල්වලට උදවු කරල තියෙනවා. පහුගිය කාලේ මහඔය, පොල්ලෙබැද්ද රඹකැන් ඔය ප්‍රදේශයේ වනාන්තර විනාශ කරන කොට ඒ ගමේ මිනිස්සු මට කතා කරලා කිව්වා ලියුම් එව්වා ගමේම කට්ටිය ඇවිල්ල කිව්වා මේ විනාශය අපට නතර කර ගන්ඩ විදිහක් නෑ, නායකතුමා මැදිහත්වෙලා මේ විනාශය නතර කරලා දෙන්න කියලා. ඒ වෙලාවේ මම පරිසර යුක්ති කේන්ද්‍රය එක්ක සාකච්ඡා කරලා. ඒ අය එක්ක මම ඒ කියන විනාශයන් ඇස් දෙකෙන් දැක ගන්න ඒ ඒ තැන්වලටත් ගියා. දැන් කොහොම හරි ඒ විනාශය තාවකාලිකව හරි නතර වෙලා තියෙන්නේ. හැබැයි මිනිස්සු හිතයි කියයි රටේ මොන එකක් හරි දියුණු වෙනකොට සංවර්ධනය වෙනකොට ඒවාට නායක ඇත්තෝ විරුද්ධ වෙනවා කියලා.

මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක්ම හිතාගන්න ඕන මේ පරිසරය මේ කැලෑව කඳු උල්පත් මේ හැම එකක්ම මිනිස්සුන්ගෙ හදවත වගේ. මේවා නැති වුණොත් අපි කාටත් ජීවත් වෙන්න අමාරුයි. ඒක අපිට හොඳ නෑ. අපි මුදල් විතරක් බලාගෙන වැඩ කරන එක හොඳ නෑ. අපට සල්ලි තිබුණට සල්ලි කන්න බෑ. සල්ලිවලින් හුස්ම ගන්න බෑ. මරණය අපි අභියසට ආවාම කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැති වෙනවා. එක ගහක්වත් විනාශ නොකළ යුතුයි. මම හිතන්නේ මේ රටේ ඉන්න හැම මිනිසෙක්ම පරිසරය රැක ගන්න උනන්දු වෙන්න ඕන. මම ගොඩක් පරිසර සංවිධාන එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වැඩවලට ගිහිල්ලා තියෙනවා. කතා කරලා තියෙනවා. දේශන පවත්වලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ලොකු වැඩක් කරනවා කියලා හිතන්න අමාරුයි.

ඇත්තටම “පරිසර යුක්ති කේන්ද්‍රය“ කියලා කියන්නේ පරිසරය කේන්ද්‍රකර ගනිමින් පරිසරයට යුක්තිය ඉටු කරන, අපේ පරපුර ගැන ලොකු උනන්දුවක් තියෙන සංවිධානයක්.

මට මතක් වෙනවා අපේ ආදිවාසී දිනයේදීත්, අපේ භාෂාව ගැන

පොතක් ලියලා දරුවන්ට උගන්නන්න ඒ පොත පාසල් වලට බෙදා හැරියා. නීතිය කෙසේ වෙතත් පරිසරය රැක ගත යුතු බව ඔවුන් දැනුවත් කළා. එහෙම කරපු නිසා ටික ටික හරි සහන ලැබිලා තියෙනවා.

මොන ජාතියක් හරි, මොන පරපුරක් හරි ආරක්ෂා වෙන්න නම් කන්න තියෙන්න ඕන. කන්න නැති උනොත් මොකක් වත් ඉතුරු වෙන්නේ නෑ. එහෙම මොකුත් නැති වෙනකොට අපේ පරම්පරාවේ තරුණ තරුණියෝ නගරෙට යනවා. නගරයට ගියහම අපේ පරපුර විනාශ වෙනවා. රැවුල පාට කරල නහයට කරාඹු දාලා, පෙකිනිය විදලා, කන විද ගනීවී. ඉතිං ඇත්තටම මේවා අපේ පරපුරට ගැළපෙන ඒව නෙවෙයි.

ඇත්තටම මේවා ඉස්සර රජ කාලෙදි වරදක් කරාම රජු විසින් දීපු දඬුවම්. ඒත් ඉතින් දැන් කාලේ තරුණ පරපුර ඒ කාලේ දීපු දඬුවම් විලාසිතා විදියට කරනවා. නහය විදලා තිබුනේ හරකුන්ගේ. හැබැයි දැන් හරක් නිදහස් කරලා තරුණ තරුණියෝ නහය විදිනවා. ඉතින් මේවා රටකට ජාතියකට පරපුරකට ගැලපෙන ඒවා නෙවෙයි. ඉතින් ඒ වගේ කාලෙක මේ ළමයින්ට අපේ පරපුර ගැන අපේ පරපුර ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා පොතක් ලියලා එළි දක්වලා තියනවා. ගම් වලට ගිහින් බෙදලා තියෙනවා.

මහියංගණ – රංජිත් කරුණාවිර

advertistmentadvertistment
advertistmentadvertistment