සංවර්ධන ලොතරැයියෙන් කප්රුක දස ලක්ෂපතියන්ට මුදල් ත්‍යාග

34

පුංචි රුපියල් විස්සකට කෝටි ගණනින්, ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබාදෙමින්, දිවයින පුරා වාසනාවන්තයින් බිහිකරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් කප්රුක ලොතරැයි පත් තුළින් බිහි වූ දස ලක්ෂපතියන් හට හිමි චෙක්පත් ප්‍රදානය එහි සභාපති / ප්‍රධාන විධායක අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

දස ලක්ෂපතියන් ලෙස කප්රුක 1110 වන වාරයේදී හෝමාගම පදිංචි ජී. එච්. එස්. පී. ද සිල්වා මහතා, කප්රුක 1134 වන වාරයේදී පන්නිපිටිය පදිංචි බී. ඒ. වික්‍රමසිරි මහතා, කප්රුක 1140 වන වාරයේදී

අතුරුගිරියේ පදිංචි එස්. එම්. ඒ. එස්. කේ. පෙරේරා මහතා සහ’ කප්රුක 1142 වන වාරයේදී රාජාංගනයේ පදිංචි එස්. ඩී. එස්. ඩබ්ලිව්. කුමාර මහතා එලෙස දස ලක්ෂයේ මුදල් ත්‍යාග ජයග්‍රහනය කළ අතර, මාතර අලෙවි නියෝජිත ඩී. ඒ. අබේසේකර මහත්මිය, කොළඹ අලෙවි නියෝජිත සරත් කෝදාගොඩ මහතා, කොළඹ අලෙවි නියෝජිත ඩී. ඩී. සන්දනායක මහතා සහ කොළඹ අලෙවි නියෝජිත එල්. ඊශ්වරගේ මහත්මිය මෙම වාසනාවන්ත ටිකට් පත් අලෙවි කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment