සංවර්ධන ලොතරැයියෙන් පිට පිට කෝටිපතියන් තිදෙනෙක්

266

රටේ සිව්දෙසින්ම ජයග්‍රාහකයන් බිහි කරන රටේ සංවර්ධනය සඳහා වැඩිම දායකත්වයක් දක්වන ඔබ ගැනත්, රට ගැනත් සිතන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පායන හිරු මෙන් විශ්වාස ශනිදා වාසනාවෙන් පිට පිට කෝටිපතියන් තිදෙනෙකු බිහි කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත් වූ බව ආඩම්බරයෙන් යුතුව දැනුම් දෙන්නෙමු.

එහිදී ඔවුනට හිමි චෙක්පත් ප්‍රදානය 2022 දෙසැම්බර් මස 05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී එහි සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. එම සුපිරි ජයග්‍රාහකයන් ලෙස ශනිදා 4075 වන වාරයේ දී දොඩන්ගොඩ පදිංචි එච්. ජී. ඩී. එම්. සින්තක මහතා රු.83,740,721.10 ක් සහ ශනිදා 4078 වන වාරයේදී කදුරුවෙල පදිංචි එම්. වී. උදය සුනිල් මහතා රු.30,277,239.00 ක සුපිරි ජයමලු ජයග්‍රහණය කළ අතර, කළුතර අලෙවි නියෝජිත කේ. කරුණාතිලක මහතා සහ පොලොන්නරුව අලෙවි නියෝජිත එල්. එච්. එන්. බණ්ඩාර මහතා මෙම වාසනාවන්ත ටිකට් පත් අලෙවි කරනු ලැබීය. ඊට අමතරව 2022 දෙසැම්බර් මස 07 වැනි දින ශනිදා 4098 වන වාරයේ දී රුපියල් 32,604,731.40 ක සුපිරි ජයමල්ලේ හිමිකරුවකු යළි බිහි කරන්නට සංවර්ධන ලෙතරැයි මණ්ඩලය සමත් වූ බව මහත් අභිමානෙන් යුතුව දැනුම් දෙන්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment