සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් නුවරඑලිය දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත හමුවක් පවත්වයි

56

සටහන හා ඡායාරූප – නුවරඑලිය නාලක රත්නායක

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නුවරඑලිය දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත හමුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා නුවරඑලිය ග‍්‍රින්සිටි හෝටලයේදි පැවැත්විණ.

නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ අලෙවි නියෝජිතයන් දිරි ගැන්විම සහ අලෙවි නියෝජිත ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදිමේ අරමුණින් මෙම සුහද හමුව පවත්වනු ලැබීය.

එම සුහද හමුවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා සහභාගි වු අතර , මෙම සුහද හමුවේදි නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ හොඳම අලෙවි නියෝජිත මහත්ම මහත්මියන් වෙත සහතික පත් සහ මුදල් තැගි ලබාදිම සිදු කෙරිණ.

මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා ඇතුළු උසස් නිලධාරින් රැසක් සහභාගි වි සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment