සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමයි

193

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශනිදා වාසනාව, ලග්න වාසනාව, අද කෝටිපති හා සුපර් බෝල් ලොතරැයි ජයග්‍රහණයන් ලැබූ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් පස්දෙනකු සඳහා මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම සහ අලෙවි නියෝජිතයන් සඳහා ත්‍යාග හා චෙක්පත් ප්‍රදානය කොළඹ 02, යූනියන් පෙදෙසේ පිහිටි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා (05දා) පැවැත්වුණි.

එහි දී ප්‍රදානය කරනු ලැබූ ජයමලු අතුරින් විශාලත ම ත්‍යාග මුදල වන රුපියල් මිලියන දෙකක ජයමල්ල දිනාගත් කොළඹ, ආර්. ඇම්. චන්ද්‍රපාල මහතාට හිමි චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා අතින් ප්‍රදානය කළ අයුරු. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චානක දොඩම්ගොඩගේ මහතා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය ද ඡායාරූපයේ වෙති.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment