සංවර්ධන ලොතරැයි මණ්ඩලය ත්‍යාගලාභීන්ට චෙක්පත් ප්‍රදානය කරයි

198

දශක 04 ක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාවට හට ජයග්‍රහන ලබාදීමට අමතරව, ජනාධිපති අරමුදල හරහා අසාධ්‍යරෝගවලින් පෙළෙන හදවත් රෝගීන්ගේ සහ සංකීර්ණ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර සඳහාත්, මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සඳහාත්, අරමුදල් බැර කරන ප්‍රධානත ම රාජ්‍ය ආයතනය වශයෙන්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක වන බවද සඳහන් කරමු.

සුපිරි ජයමලු ලාභීන් සිව් දෙනෙකු, විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 19 දෙනෙක් සහ දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 28 දෙනෙක් සඳහා මෙහිදී මූල්‍යමය චෙක්පත් ප්‍රදානයක් සහ එම ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහාද චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහ කළමණාකාරිත්වයේ සහභාගීත්වයෙන් පසුගියදා ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment