සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිට එරෙහි අල්ලස් නඩුව මාර්තු 1 දා

179

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ නමැත්තාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කිරීම සඳහා ලබන මාර්තු 1 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (30 දා) දින නියම කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ‘සුපර් බෝල්’ හා ‘ජනජය’

ලොතරැයි පත් අලෙවි කිරීමේ ප්‍රවර්ධනය කිරීම සඳහා පෝස්ටර් හා ඩිජිටල් බැනර් මණ්ඩලයට සැපයීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික සමාගම ගිවිසුම් ප්‍රකාරව ඒවා සපයා නොතිබියදීත් සම්පූර්ණ ප්‍රමාණයම ලැබුණ බවට ලේඛණගත කිරීමට නිලධාරීන් පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ එම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා විත්තියේ ඉල්ලීම් කොට තිබූ සියලු ලේඛන විවෘත අධිකරණය හමුවේදී විත්තියේ නීතිඥවරුන්ට ලබාදුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment