සංවේදී පරිසර කලාපයක් නම් කරයි

150


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්මල වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයගෙන තිබේ. සාම්පලතිව් කලාපය අවට ප්‍රදේශය විශාල කඩොලාන ගහනයකින් ද සමන්විත ප්‍රදේශයකි. පසුගිය වසර කිහිපය තුළ හෙක්ටයාර් 2043ක් වූ ත්‍රිකුණාමලයේ කඩොලාන පරිසර පද්ධතිය හෙක්ටයාර් 1491 දක්වා අඩු වී තිබේ.

ඒ අනුව සාම්පලතිව් කලපුව අවට සල්ලිල ඉලුප්පයිකුළම්ල වරෝධය නගර් හා උප්පුවේලි ග්‍රාම නිලධාරී වසම්වලට අයත් හෙක්ටයාර් 239,58ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment