සංශෝධන නොමැතිව අයවැය සම්මත කළැයි ජාඇල ගාලගෝට්ටියක්

97

ජාඇල නගර සභාවේ 2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය සභාපති ශම්මික ඩයස් මහතා විසින් ඊයේ (26 දා) පැවති විශේෂ මහ සභා රැුස්වීමකදී සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත‍්‍රීවරුන් ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කර සිටියේය.

ඉන් අනතුරුව අයවැය යෝජනාවට බෙදීමක් ඉල්ලා සිටිමට උත්සාහ කළහ. එම අවස්ථාවේ සභාපතිවරයා එයට කිසිම ප‍්‍රතිචාරයක් නොදක්වා අයවැය සම්මත වූවා යැයි පවසා සභාවෙන් ක්ෂණිකව පිටව යෑම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

මේ අවස්ථාවේ සභාවේ සමහර මන්ත‍්‍රීවරු සභාපතියා හොරා” ජාඇල කෑවා” ජාඇල විනාශ කළා. හොරා හොරා පැනලා ගියා යැයි කෑමොර දෙමින් සභාව තුළ දැඩි නොසුන්තාවයකින් හැසිරීමට පටන් ගැනීමෙන් සභාවේ කටයුතු මුළුමණින්ම ඇනහිටින තත්ත්වයකට පත්ව තිබුණි‘ සිද්ධිය සම්බන්ධයෙන් සභාපති ශම්මික ඩයස් මහතා පවසා සිටින්නේ තම අයවැය යෝජනාවලිය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියලූ මන්ත‍්‍රී වරුන් අයවැය යෝජනාවලියට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් බවය.

ඒ අනුව මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ සංශෝධන පිළිගෙන අයවැය යෝජනා වලියට ඇතුළත් කළ බවය. ඒ අනුව රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කටයුතු කරමින් ඡුන්ද විමසීමකින් තොරව අයවැය සම්මත වූ බව ප‍්‍රකාශ කර සිටීමට තමා කටයුතු කළ බවය. ඒ සඳහා නීත්‍යානුකූල බලය තමන්ට ඇති බවය.

ජාඇල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ඇන්ටන් ප‍්‍රයශාන්ත මහතා (ජවිපෙ) පවසා සිටියේ ජාඇල නගර සභා ඉතිහාසයේ කිසිම අවස්ථාවක මන්ත‍්‍රීවරුන්ට ඡුන්ද විමසීමකට අවස්ථාවක් ලබා නොදෙමින් අයැවැයක් සම්මත කර නොගත් බවය. සභාපතිවරයා ජාඇල බදු ගෙවන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බවය. සභාපතිවරයා ගැසට් පත‍්‍රයක් ඉදිරිපත් කරමින් සභාවේ ඒකාධිපතියෙක් ලෙස කටයුතු කළා. ජාඇල නගර සභාවේ ලේකම් සමන්ත මහතා පවසා සිටියේ තමාට ඇත්තේ සභාවේ ලේඛන වාර්තා කිරීම පමණක් බවය.

බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment