සංස්ථාවේ තිබෙන්නේ  භූමිතෙල් මෙටි්‍රක් ටොන් 250යි – සපුගස්කන්දේ නිපදවන තෙක් රටේ භූමිතෙල් නෑ

133

දිනක භූමිතෙල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 600 ක් වුවත් මේ වනවිට සංස්ථාව සතුව තිබෙන භූමිතෙල් සංචිතය මෙටි්‍රක් ටොන් 250 දක්වා පහළ බැස ඇත.

ඉකුත් 02 වැනිදා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාද සිය ට්විටර් පණිවුඩයක සඳහන් කළේ සංස්ථාව සතුව න්‍ැඑ ්1 (භූමිතෙල්) ඇත්තේ මෙටි්‍රක් ටොන් 386 ක් පමණක් බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් බ්‍රහස්පතින්දා (02 වැනිදා) යළි ආරම්භ කළත් ඊයේ (05 වැනිදා) වනවිටත් ඉන්ධන නිපදවීම ආරම්භ වී නොතිබිණි.

මෙතෙක් කලක් මෙම පිරිපහදුව සඳහා යොදාගනු ලැබුවේ ඉරානියන් ලයිට් වර්ගයේ බොරතෙල් වුවත් ප්‍රථම වතාවට රුසියාවෙන් ගෙන්වූ බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 මගින් එය ක්‍රියාත්මක කර ඇත. එමගින් වැඩි වශයෙන් නිපදවිය හැක්කේ දැවිතෙල් ඇතුළු බර ද්‍රව්‍ය බවට පිරිපහදු නිලධාරීහු විශ්වාසය පළ කරති.

පිරිපහදුවෙන් භූමිතෙල් නිපදවා ගන්නා තෙක් භූමිතෙල් හිඟයට දැනට විසඳුමක් නැතැයිද ඔවුහු කියා සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment