සංස්ථාවේ පාඩුව බිලියන 70යි – මිල වැඩි කළාට පාඩුව නවතින්නේ නෑ – ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති

182

තෙල් මිල වැඩි කිරීමට සිදුවන්නේ තෙල් සංස්ථාවේ උපාය මාර්ගික සැලැස්මක් නොමැති නිසා යැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

තෙල් සංස්ථාවට අයත් ත‍්‍රිකුණාමල තෙල් ටැංකි කිහිපයක් හෝ සංවර්ධනය කර තෙල් ගබඩා කර ගැනීමක් සිදුනොකර මේ ආකාරයෙන් ඉදිරියටත් පවත්වා ගෙන යන්නේ නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවන විට මෙරට තෙල් මිල වැඩිකිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයට පත්වන බවද ඔහු කීය.

තෙල් මිල වැඩි කිරීමෙන් මහජනතාව පීඩාවට පවත්වන බවත් එසේ කිරීමෙන් හෝ තෙල් සංස්ථාවට ස්ථාවරයක් නොලැබෙන බවත් ඔහු කීය. අඩුම වශයෙන් රජයක් ලෙස තෙල් නිපදවන රටක් හෝ රටවල් කිහිපයක් සමග යම් කාල සීමාවක් සඳහා තෙල් මිලදී ගැනීමට ස්ථාවර මිලකට ගිවිසුම් ගතවීමක් සිදුකළ යුතු යැයිද ඔහු පැවසීය.

රජයට තෙල් ගබඩා කරගත හැකිව තිබූ හම්බන්තොට වරායේ තෙල් ටැංකිද චීනයට අයත් නිසා තෙල් ගබඩා කරගත හැකි ක‍්‍රමවේදයක් සකස් කරන තෙක් රටට පැමිණෙන තෙල් නැව් තෙල් ගොඩබෑම ප‍්‍රමාදවීම නිසා දිනකට ඩොලර් 25000 ක මුදලක් රටට අහිමි වන බවද කී රන්වල මහතා පැමිණෙන තෙල් නැව්වලට දින 05 ක් 06 ක් ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන තත්ත්වයක් උදාවී තිබෙන බවද වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment