සංස්ථාව සීමාකර තෙල්  බෙදාහැරීම නිසා පෝලිම් අඩු කිරීමට බැහැ – ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ ලේකම්

97

තෙල් සංස්ථාව පවතින ඉන්ධන තොග  සීමාකර බෙදාහැරීම නිසා ඉන්ධන පෝලිම් අඩු කිරීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.

රටේ පෙට්‍රල් ඉල්ලුම දෛනිකව මෙටි්‍රක් ටොන් 5000 ක් පමණ වුවත් නිකුත් කෙරෙන්නේ 3000 ක් පමණ බවත්, දෛනික ඩීසල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 7000 ක් පමණ වුවත් නිකුත් කෙරෙන්නේ 4000 ක් පමණ බවත් ඒ මහතා කියා සිටියේය.

නෞකා 03 කින් ගෙනා ඩීසල් හා නෞකා 02 කින් ගෙනා පෙට්‍රල් තෙල් සංස්ථාව ගබඩාකර බෙදා හරින බවත්, එම නැව්වලට අමතරව මෙරටට වෙනත් ඉන්ධන නැව් ඇණවුම් කර නොමැති නිසා තෙල් සංස්ථාව පවතින ඉන්ධන සීමාකර බෙදාහැරීම් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment