සංසාර බිය නැතිකරන ජීවිතයකට ඇති ආශාව… – මහ රහතුන් වැඩි මග ඔස්සේ

427

තවත් දවසක් නිමා කරලා හිරු පරිසරයෙන් සමුගෙන යන්න දැන් හොඳටෝම ළඟයි, සැඳෑ අඳුර කැලෑ රොදෙන් විළි බියෙන් එබිකම් කරද්දී, ආලෝකය ඇයට තරවටු කරනවා, දවස තවමත් මගේ යැයි කියලා. හැමෝම ඉතින් රණ්ඩු තමයි. කවුරුවත්ම කැමති නැහැ කතාබහ කරලා, ඉවසීමෙන් තමන්ගේ ප‍්‍රශ්නයක් විසඳාගන්න. පිංවත් ඔබගේ ඵස්සය තෘෂ්ණාවේ පැටලූණොත්, එතැන උපදින්නේ අවුලක්. අවුලෙන්, අවුලට ගිය ලෝකයක, අතීතයේ ජීවිතය නමැති වැලිතලාවේ අපි තැබූ උතුම් සද්ධර්මයේ පිය සටහන්, අපේම අකුසල් සංස්කාර රැුළිවලට සේදී, මැකී යන්නේ, වර්තමානයේ අපේම මරණ බියෙන් සලිත දෑස් ඉදිරියේදීමයි.

සංසාර බිය නැතිකරන ජීවිතයකට ඇති ආශාව... - මහ රහතුන් වැඩි මග ඔස්සේ

අද උදෑසන කුටියේ කැපකරු මහත්මයා භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස ඊයේ කොරෝනා මරණ එකසිය පනහකට වැඩිය කියලා. කොච්චර කිව්වත් කියන දෙය නාහන තෘෂ්ණාවෙන් උපන් ලෝකයට, වර්තමානයේ අකුසල් සංස්කාරයෝ තේරෙන භාෂාවෙන්ම කියලා දෙනවා. මෙය සටහන් තබන භික්ෂුවට නම් අවිශ්වාසය මේ වියරු සංස්කාර පාඩමෙන්වත් පිංවත් ලෝකයා, තෘෂ්ණාවේ තරම තේරුම්  ගනීවි කියලා. එක රොත්තට දහස් ගාණක් මී මැස්සෝ තමන්ගේ පරණ වාසස්ථානය අතහැරලා, අලූත් වාසස්ථානයක් හොයාගෙන යනවා. දහස් ගණනක් මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය, කැලයෙන් ඇසෙන සංගීත රාවයක් වගේයි. හිරු අවරට යන මේ සැන්දෑවේ, තවත් මොහොතකින් මී මැසි කැළ අලූත් වාසස්ථානයකට ගොඩබසීවි. අපේ ජීවිතත් කවදාහරි දවසක, පටිච්චසමුපන්නව මේ රූපය අතහැරලා, භවාත‍්‍රයේ අලූත් වාසස්ථානයකට ගොඩබසීවි. සත්‍යකින්ම මෙය සටහන් තබන භික්ෂුව, තව මොහොතකින් අපවත් වුවොත්, පටිච්චසමුපන්නව සතර අපායේ වාසස්ථානයකට ගොඩබසීද, මනුෂ්‍ය, දිව්‍ය, බ‍්‍රහ්ම වාසස්ථානයකට ගොඩබසීද, මේ කිසිවකට යටත් නැති ධර්මයක් මුණගැසේවිද. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අද දවසේ ජීවමානව වැඩ සිටියා නම්, අකුරටම කියාවි අරියඥාන, අපවත් වීමෙන් පසු ඔබේ ගතිය මෙයයි කියලා. අපේ කරුමයට බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා.

 බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ පිංවත් ජනතාවගේ උත්කෘෂ්ඨ කුසල් ශක්තිය නිසා, බුදුරජාණන් වහන්සේ පිරිනිවී යන්නේ, තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ඇසුර සහ අනුශාසනා ලැබීමට ජනතාවට පින නැති නිසාමයි. අපි එවැනි පිං මද ඇත්තෝ. එ්ත් මේ මොහොතේ ජීවමානව වැඩ සිටින උතුම් ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ ඇසුරු කිරීමේ පින තවමත් අපි හැමෝටම තිබෙනවා. උඩුගුවනේ පියඹා ගිය මී මැසි ජනපදය, ඈතටම නොපෙනී ගියා, එම සතුන් කොහේ ගියාද දන්නේ නැහැ. ඊයේ දවසේ කොරෝනා අකුසලයෙන් මියගිය එකසිය පනහකට වැඩි, පිංවතුන් සහ කොරෝනා අකුසලයෙන් මියයන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ජනතාව මරණයෙන් පසුව කොහේ ඉපදුනාද කියලා කවුරුවත්ම සිතන්නේ නැහැ. කොරෝනාව කියන්නේ අකුසලයක්, අකුසලයක් විපාකයට එන්නේ, කර්මය කර්මඵල විශ්වාසයක් නැති පුද්ගලයින්ට, බලවත් අකුසලයේ අනතුරු නැවත අයිතිකොට ගන්නයි. තම රෝගීභාවයට හරි හැටි ප‍්‍රතිකාරයක් නැති, මරණයට ගෞරවයක්, පිළිගැනීමක් නැති, පාංශුකූල පිනක් නැති, මරණයක අවසානය ධර්මානුකූලව කුමක්ද වෙන්නේ කියලා කාටවත්ම සිහිකල්පනාවක් නැහැ.

 එන්නතකට පමණක් ජීවිතය භාරදීලා, වියරු කොරෝනා අතුරේ යන මනුෂ්‍යයෝ, තම ජීවිත වසාගත් සංසාර බිය, සංසාර දුක, ජීවත් වීමට ඇති අසීමිත ආශාව විසින්ම, අමතක කොටදමලා තිබෙනවා. අපේ ඇසට නොපෙනෙන, කොරෝනාවට වඩා වියරු අනතුරක් තිබෙනවා. එම අනතුර තමයි මේ ලක්ෂ සංඛ්‍යාත කොරෝනා මරණ පටිච්චසමුප්පන්නව නැවත කොහේ උපදියිද කියන කාරණය ලෝකයේ සෑම රටකම කොරෝනා රෝගයෙන් මියයන, බහුතරයක් අසරණ පිංවත් රෝගීන් අපහසුතාවයන් මැද මියයන්නේ, වගකීම් විරහිතව කටයුතු කරන රජයන් කෙරෙහි, පාලක පිංවතුන් කෙරෙහි, නිලධාරීන් කෙරෙහි, සමහර අවස්ථාවල වෙහෙසට, බියට පත්වී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල කෙරෙහි, නොසතුටින්, කේන්තියෙන්, වෛරයෙන් වෙන්න පුළුවන්. අපට ඇසෙනවා පවතින සීමිත සම්පත් නිසා, අසීමිත කොරෝනා රෝගීන් සංඛ්‍යාවක්, අවම පහසුකම් ලබන්නේ කියලා. මෙවැනි අසතුටින්, බියෙන්, ද්වේශයෙන් මියයන පිංවතුන්ලාගේ ඊළඟ පටිච්චසමුප්පන්න ප‍්‍රතිසන්ධිය හරිම අනතුරුදායකයි. මෙවැනි මරණ නිසා, අපේ රට ඇතුළු ලෝකයේ රටවල වියරු අමනුෂ්‍ය උපද්‍රවයන් ඇතිවීමේ ඉඩකඩ වැඩිවෙන්න පුළුවන්. තම ජීවිත කොරෝනාවෙන් අසරණභාවයට පත්කිරීමට හේතුවූ පුද්ගලයින් කෙරෙහි, බලවත් පීඩාවන් ඇති කරන්න පුළුවන්. සිතා ගන්න බැරි කැළඹිලිකාරී සිද්ධීන්, අමනුෂ්‍ය පීඩාවන් නිසා ඇතිවෙන්න පුළුවන්. බලවත් අකුසලයක් විපාකදෙන මොහොතේ පාලක පිංවතුන්, නිලධාරී පිංවතුන්, ජනතාව අනතුරට යෑමට ඉඩදී, තම තමන්ගේ ඇඟ බේරාගෙන සිටීම, හරිම භයානකයි. පිංවත් ඔබලාගේ නිල බලය නිසා ජනතාව නිහඬව සිටියත්, නොපෙනෙන අමනුෂ්‍ය ලෝකය ගැන, මෙවැනි මරණ සිද්ධවෙන අවස්ථාවක, හොඳින් සිතන්න වෙනවා. වියරු අමනුෂ්‍යයා ධර්මයක් දන්නේ නැහැ.

 ඊයේ දවසේ කොරෝනා මරණ සංඛ්‍යාව මෙපමණ යැයි බොහොම උජාරුවෙන් කියලා, සංඛ්‍යාලේඛන පෙන්වලා, පිංවත් ඔබලාට ඇඟ බේරාගන්න පුළුවන්. එ්ත් කොරෝනා මරණ හේතුවෙන්, වියරුවෙන් උපදින අමනුෂ්‍ය ලෝකය ගැනයි, භික්ෂුව ඔබේ අවධානය යොමුකොට සිටින්නේ.

 පිංවත, අවිද්‍යාවෙන් උපන්, තෘෂ්ණාවේ කෙළ හැලෙන පංචඋපාදානස්කන්ධ ලෝකය, ශත පහකටවත් විශ්වාස කරන්න එපා. එ් අවිශ්වාසය නිසාමයි, බුදුරජාණන් වහන්සේ, දායාද ඉල්ලමින් තමන් පසුපසින් පැමිණි රාහුල පුතණුවන්ට, දුක නොතැවරුනු උතුම් පැවිදිභාවය දායාද කොටදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය යනු දුක යැයි, ලෝකය යනු මාරයා යැයි, දේශනා කොට තිබියදී, උතුම් සම්මා දිට්ඨිය නොහඳුනන, පිංවත් මනුෂ්‍ය සමාජය, ලෝකය කාමච්ඡුන්දයන්ගේ විශ්ව ගම්මානයක් බවට පත්කොට වර්තමානයේ ලෝකය ඉක්මනින් තරණය කරන්නට, ලෝකය ඉක්මනින් ස්පර්ශ කරන්නට යෑමේ, මෝහයේ මුලාව, පිංවත් ඔබ නුවණින් තේරුම් ගන්න. ලෝකය තුළ තැවරුණ අවිද්‍යාවේ මිච්ඡුා සැපය, නුවණින් විමසා බලන්න. වසර විසි පහකට වැඩි කාලයක් බටහිර රටවල්වල රැුකියාව කළ මහත්මයෙක් පසුගියදා, බටහිර රටක දීම කොරෝනා රෝගයෙන් අසරණයෙක් ලෙස මිය ගියා. මෙවැනි මරණ තව කොතෙක් නම් සිදුවෙන්න ඇතිද. ලෝකය තුළ තැවරුන, අවිද්‍යාවේ, මිච්ඡුා සැපයේ, ”අනාථ රසය” පිංවතුන්ට පේනවා නේද.

 තමන් උපන් රටට ආදරය නොකරන්නා, තමා තමාටවත්, ආදරය නොකරන්නෙක් වෙනවා. ඔහු ආදරය කරන්නේ අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවට පමණක්මයි. පිංවත් ඔබේ මාතෘභූමිය මේ මොහොතේ කොරෝනා අකුසලයෙන් හෙම්බත්ව සිටියත්, කළකිරීමේ සැඩපහර, විශ්වාසයේ පැති බැමි කඩාගෙන ගියත්, කරුණාකර, ඔබ උපන් මාතෘභූමිය කෙරෙහි, අනාදරයක්, කේන්තියක් ඇතිකොටගන්න එපා. ඔබ උපන් රටට අනාදරය කළොත්, ද්වේශ කළොත් ඊළඟ ජීවිතයක ඔබ, රටක් අහිමි සරණාගතයෙක් ලෙස උපත ලබන්න පුළුවන්. ඔබ ඉපදුන මේ පුණ්‍යවන්ත භූමිය, උතුම් සම්මා දිට්ඨිය දුර්වල දේශපාලන මාමලා විසින් විනාශකොට දැම්මා මිසක්, ඔබ ඉපදුන මේ මාතෘභූමිය උතුම් ජීවමාන ශාස්තෘන්වහන්සේ වන උතුම් ධර්ම විනය වැඩ සිටින, ලෝකයේ උතුම්ම රටයි. මේ රාත‍්‍රියේ කැලෑ රොදේ බස්සන් දෙදෙනකුගේ අඳෝනාවක් ඇසෙනවා. මොකක්දෝ අදහසක් ප‍්‍රකාශ කොට ගන්න බස්සන් දෙදෙනා තරඟයට කෑගසනවා. බස්සන්ගේ කෑගැසීම හරිම අමිහිරියි. එ් හඬ හරියට, අපේ රටේ කටින් බතල කොළ සිටුවන, දේශපාලන මාමලාගේ කතා වගේමයි. නොකෙරෙන වෙදකම් ගැන කියන නිසාම එ් කතා හරිම අමිහිරියි. මෙවැනි අමිහිරි කතා කියන දේශපාලන මාමලාට, තේරෙන භාෂාවෙන් ජනතාව කියලා දෙන, ප‍්‍රශ්න පත‍්‍රය තමයි, ඡුන්ද පත‍්‍රිකාව කියන්නේ. එ්ත් ඉතිං අපේ රටේ ජනතාවට හැමදාමත් කරන්න සිද්ධවෙලා තිබෙන්නේ, ඉඟුරු එපා කියලා, මිරිස් ගැනීම පමණක්මයි. අපේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ තෘෂ්ණාවේ සැර අඩු, ”කහ කැබැල්ලක්” ආශාවටවත් දකින්න නැහැ. මෙය උතුම් මාතෘභූමියේ වරදක් නොවේ. උතුම් තෙරුවන්ට අගෞරව කිරීම, නොසලකා හැරීම, කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය නොලැබීමේ, ජීවමාන විපාකයන්ම ය. ද්වේශයෙන් තොරව ලෝකය දකින්න දක්ෂවෙන්න.

 මධ්‍යම ප‍්‍රතිපදාවෙන් මිදි, තෘෂ්ණාවේ දොරටු සියල්ලම හැර දැමූ සමාජයක, දුක දෝරෙ ගලායෑම හැර වෙන කුමක් නම් සිද්ධ වෙන්නද. තමන් ජීවත්වෙන සමාජය තුළ බලකාමය නිසාම කුමන අසත්පුරුෂකම්, අසමගිකම් සිදු වුවද පිංවත් ඔබ තමන්ගේ මව්බිම කෙරෙහි අනාදරයක් නම් ඇතිකොට ගන්න එපා. පිංවත් ඔබ උපන් මව්බිමත්, අනිත්‍ය වූ සංස්කාරයක් බව දකිමින් කෘතවේදීම කවදාහරි දිනක උපන් බිමේම දෑස් පියාගන්න.

 මේ ලිපිය සටහන් තබන මොහොතේ දිනකට මරණ එකසිය පනහක් සිදුවෙනවා කියන්නේ, කොරෝනා අකුසලයේ ”මී වදය” දැන් හොඳටෝම ඇවිස්සිලා, කලබල වුණොත් වටපිටාවේ හැමෝටම මී මැස්සන් පහරදේවි. උතුම් සම්මාදිට්ඨියේ කර්මය කර්මඵල විශ්වාසය හොඳින් නුවණින් තේරුම්ගෙන, මෛත‍්‍රියෙන්, අවිහිංසාවෙන්, ශීලයෙන්, ඉවසීමෙන්, අපිම අතීතයේ

 සිදුකොටගන්නාවූ අකුසල්වලට, විශ්වාසයෙන් මුහුණ දෙන්න. රජය මොනම හේතුවක් නිසාවත් මේ මොහොතේ, පසුගිය දවස්වල රජයට විරුද්ධව උද්ඝෝෂණය කළ පිංවතුන්ලාට, විපක්ෂයට, ද්වේශ කරන්න කේන්ති ගන්න යන්න එපා. රජය මේ මොහොතේ මුහුණ දෙන බලවත් අභියෝග කියන්නේ, පිංවත් ඔබලාගේම අතීත අකුසල් සංස්කාරයන්ගේ විපාකයන්. එම නිසා මෛත‍්‍රියෙන්මයි, ඉවසීමෙන්මයි, ශීලයේ ශක්තියෙන්මයි, අකුසල් නොවැඩෙන දිශාවෙන්මයි විපාකදෙන සංස්කාර මාරයාට මුහුණදිය යුත්තේ. මෙම ලිපි පෙළින් භික්ෂුව, ඇස් දෙක රිදෙනකම් ලියලා තිබෙනවා, අපේ පසුපස මොන අකුසල් තිබෙනවාද කියන්න දන්නේ නැහැ, පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. තම ජීවිත තුළින් දස කුසල් ධර්මයන් ශක්තිමත් කොට ගන්නය කියලා ජනතාවට ශීලයෙන්, මෛත‍්‍රියෙන්, ත්‍යාගයෙන්, පූර්වාදර්ශයන් දෙන්නය කියලා. මේවා ශත පහකට තකන්නේ නැහැ. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයට, යමෙකුට අත තියන්න එතරම් ලේසි වෙන්නේ නැහැ. භික්ෂුව එම ආරක්ෂාව ඇතිකොටගත්තේ, සංස්කාර මාරයාගේ ඇත්ත ඇති සැටියෙන් දැක, භික්ෂුවගේ සැබෑ ආරක්ෂකයා හැටියට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පත්කොට ගැනීම නිසාමයි. අකුසලයක් හේතුවෙන් යමෙක් භික්ෂුවට අත තිබ්බොත්, එම පිංවතා එ් අත තියන්නේ, ඔහුගේම විනාශයටයි. මේවගේ අසරණ නොවන ආරක්ෂාවක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව තිබියදී, අපි සියල්ලෝම අහවලා කුමන්ත‍්‍රණකාරයෝ, අහවලා කඩාකප්පල්කාරයෝ කියලා අනුනට ඇඟිල්ල දිගු කරනවා. පිංවත ඔබව දුකට පත්කරන කුමන්ත‍්‍රණකරුවා, කඩාකප්පල්කරුවා අනුන් නොව, තමා තුළමයි සිටින්නේ. කරුණාකර ඔහුව මතුකොට ගන්න, එම කුමන්ත‍්‍රණකරුවා වෙන කවුරුවත්ම නොව, අසත්පුරුෂ ආශ‍්‍රය, අසද්ධර්මය ශ‍්‍රවණය සහ අනුවණින් මෙනෙහි කිරීමයි.

 ගෞරවණීය පිංවත්, පක්ෂ විපක්ෂ දේශපාලන මාමලා, නැන්දලා සිදුකොටගෙන ඇති, අකුසල් කන්දරාව වැඩි නිසාම, පිංවත් ජනතාවත් ගොඩාක් කලකිරීමෙන් ජීවත්වෙන්නේ. පිංවත, කරුණාකර මේ කොරෝනා අකුසලයේ ඇවිස්සුන මී මැසි ගුල, සංසිඳෙන තෙක් ඉවසීමෙන් සිටින්න. ‘ලෝකයම අමතක කරලා, ජීවිතය තුළ ජීවත්වෙන්න.’ එසේ නොවුණොත්, පිංවත් ජනතාවට මෙතෙක් දේශපාලනයේදී ලැබුණේ, ඉඟුරු සහ මිරිස් පමණක් වුවත් අනාගතයේදී වස කුප්පියක්ම ලැබේවි. සංස්කාර මාරයා, මාරාවේශයෙන් සිටින්නේ, කරුණාකර දස කුසල් ධර්මයන්ගේ ආරක්ෂාවම ජීවිතය ළඟ තබාගන්න.

 පූජ්‍ය රාජගිරියේ – අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment