සංහිඳයා ක්‍රියාවලියට එකඟයි! – මෝදි සතුටින්

264

ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරී දැක්ම ප්‍රකාශයට පත්කෙරෙයි !

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට සහ ප්‍රතිසන්ධානය සඳහා කටයුතු කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ ඉන්දීය රජයේ ඇගයීමට ලක්ව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 20 සහ 21 යන දිනවල ඉන්දියාවේ සිදු කළ නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දී සංහිඳියා ක්‍රියාවලිය සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කළ පැහැදිලි කිරීමේ දී මෙලෙස ඇගයීමට ලක්ව තිබේ.

සංහිඳයා ක්‍රියාවලියට එකඟයි! - මෝදි සතුටින්

එහිදී ජනාධිපතිවරයා ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයන්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත.

එම ආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ තම කැපවීම ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

දෙරට අතර අන්‍යොන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර අනාගත ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්වයක වැදගත්කම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගැනීම, ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන, ඛනිජ නළ මාර්ගයක් ඉදිකිරීම, හරිත සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මත පදනම් වූ ඉන්දු ලංකා සබඳතා ශක්තිමත් කිරීම, දෙරට අතර ද්විමාර්ගික විදුලිබල වෙළෙඳාම සහ කලාපීය ස්ථිරසාර සංවර්ධනය මත පදනම් වූ ආර්ථික සහයෝගීතාවක් වෙනුවෙන් පහසුකම් සැලසීම, තලෙයිමන්නාරම රාමේෂ්වරම් සහ නාගපට්ටිනම්, කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තවදුරටත් ශක්තිමත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment