සක්විති රණසිංහ චෝදනා 11ටම වරද පිළිගනී – වසර 22ක අත්හිටුවූ සිරදඬුවම්  බිරිඳටත් දඬුවම් ලැබෙයි

434

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික පොලියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් තැන්පත්කර ගැනීම ඇතුළු අධිචෝදනා 11කට වරද පිළිගත් ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 22 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එම සිරදඬුවම් ක්‍රියාත්මක කිරීම වසර 5කට අත්හිටුවීය.

එයට අමතරව වරද පිළිගත් අධිචෝදනා 11 ට වෙන් වෙන්ව රුපියල් 25,000 බැගින් දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස හය බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. එකී වරදට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් ඔහුගේ බිරිඳට ද බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවා රුපියල් 25,000 ක දඩයක් ද නියම කළේය. සිය නීතිඥ නන්දන මල්කුමාර මහතා මගින් වරද පිළිගත් විත්තිකරුට හා විත්තිකාරියට නියම කළ දඩ මුදල් අද (15 දා) ගෙවීමට ද විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

අධිකරණය විසින් නියම කළ එම දඬුවම්  මහාධිකරණ භාෂණ පරිවර්තක සුලෙයිමාන් මොහොමඩ් යාසිර් මහතා විත්තිකරුවන්ට කියා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment