සකුරායි කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන ඉංජිනේරු රිමාන්ඩ්

176

සංචාරක යුවළක් රැගෙන විනෝද චාරිකාවක් යමින් සිටියදී කිඹුලාපිටියේ වෙල්යායකට කඩා වැටී අනතුරකට පත්වූ සකුරායි ගුවන් යානා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප‍්‍රධාන ඉංජිනේරුවා මෙම මස 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එම්. ජී. චම්පික රාජපක්ෂ මහතා ඊයේ (11දා) නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබුවේ සකුරායි ගුවන් යානා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වර්ෂහැදිගේ කෝසල සංජීව ප‍්‍රනාන්දු (55) සහ එම ආයතනයේ ප‍්‍රධාන ඉංජිනේරු අසිත කැලූම් ප‍්‍රදීප් වීරසිංහ නමැත්තන්ය. මෙම අනතුරෙන් විදේශිත යුවළ බරපතළ තුවාල ලැබූහ. ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාට සහ සහායක ගුවන් නියමුවාට ද තුවාල සිදුවිය.

මෙම ගුවන් අනතුරෙන් පසු පුළුල් විමර්ශනයක් සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අංක , පොලිස් පරීක්ෂක එස්. පී. ඞී. කේ. නිශාන්ත යන මහත්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

විත්ති පැමිණිලි දෙපාර්ශ්වය වෙනුවෙන් කොළඹින් පැමිණ පෙනී සිටි නීතිඥයෝ අධිකරණය හමුවේ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කළහ. වැඩිදුර විභාගය ජනවාරි මස 18 වැනිදා පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment