සගවන බිත්තර රාජසන්තක කරනවා – සතොස හරහා බෙදනවා – වෙළෙඳ ඇමැති කියයි

179

බිත්තර නිෂ්පාදකයන් බෙදාහැරීමෙන් වැළකී තොග රැස් කළහොත් එම බිත්තර රාජසන්තක කර සතොස හරහා වෙළෙඳ පොළට නිකුත් කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22දා) පැවසීය.

එමෙන්ම රජයෙන් පැනවූ පාලන මිලට බිත්තර අලෙවි නොකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

පවතින තත්ත්වය යටතේ ව්‍යාපාරිකයන් බිත්තර නිෂ්පාදනයට යොමු නොවන්නේ නම් බිත්තර ආනයනයට පියවර ගන්නා බවද ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටී.

සුජීව තත්සර

 

advertistmentadvertistment
advertistmentadvertistment