සචිනි පෙරේරාගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්

362

* 57 වැනි යුද හමුදා මලල ක‍්‍රීඩා තරඟාවලිය

57 වැනි යුද හමුදා මලල ක‍්‍රීඩා තරඟාවලියේදී තුන්වන දවස වන ඊයේ (24 වැනිදා* දිනය නිමා වන විට නව ශ‍්‍රී ලංකා වාර්තාවක්, නව යුද හමුදා තරග වාර්තා තුනක් සහ තරගාවලි වාර්තා 08ක් ඇතුළුව තරග වාර්තා 12ක් බිහි කිරීමට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.60ක උසක් වාර්තා කරමින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ සචිනි පෙරේරා ක‍්‍රීඩිකාව සමත් වූවාය. එහි දෙවැනි ස්ථානය මිටර් 2.10ක උසක් වාර්තා කිරීමට සමත්වූ ටී. එන්. විජේසූරිය විසින් දිනා ගැනීමට සමත්වූවාය.

සචිනි පෙරේරාගෙන්  නව ශී‍්‍ර ලංකා  වාර්තාවක්


පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 5.00ක උසක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රීලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ පුවිදරන් සමත්විය. එසේම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ එච්.එස්.ඊ. ජනිත් කී‍්‍රඩකයාද එම ඉසව්වෙන් එම උසම වාර්තා කරමින් පුවිදරන්ගේ වාර්තාව සමතැන් ගැනීමට සමත්විය.

කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ජය ගැනීමට නිලානි රත්නායක සමත්වූවාය. එහිදී ඇය වාර්තා කළ කාලය මිනිත්තු 10.08.09ක් ලෙසින් සටහන් වූ අතර මිනිත්තු 11:04.06ක කාලයකින් තරගය නිමා කළ එම්. පී. හේරත් එහි දෙවැනි ස්ථානයත්, මිනිත්තු 11:14.23කින් තරගය අවසන් කළ එස්. එන්. බණ්ඩාර එහි තෙවැනි තැනත් දිනා ගැනීමට සමත් වූවාය.

පිරිම හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට එස්. ජේ. රණසිංහ සමත් වූ අතර එහිදී මීටර් 75.91ක දුරක් වාර්තා කිරීමට ඔහු සමත්විය. මීටර් 75.24ක දුරක් වාර්තා කළ පී. රණවක එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වූ අතර මීටර් 73.15ක දුරක් වාර්තා කළ එල්. දයාරත්න එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

පිරිමි දුර පැනීම ඉසව්වේ මීටර් 7.64ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් පළමු තැන දිනා ගැනීමට ශේෂාන් ධනංජයට හැකි වූ අතර මීටර් 7.61ක දුරක් වාර්තා කල එච්. ජී. විමලසිරි දෙවැනි තැනත්, මීටර් 7.46ක දුරක් වාර්තා කළ ජී. සම්පත් තෙවැනි ස්ථානය ත් දිනා ගත්තේය. එසේම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදා කණ්ඩායම විනාඩි 1.23.71ක කාලයක් වාර්තා කරමින් 4ඥ200 ඉසව්වෙන් නව යුද හමුදා තරග වාර්තාවක් බිහි කිරීමට සමත්විය. එමෙන්ම මිශ‍්‍ර සහය ඉසව්වෙන් ශ‍්‍රීලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදා කණ්ඩායම නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත්වූ අතර මිටිය විසිකිරීම කාන්තා ඉසව්වෙන් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒ. ඩබ්. ඒ. එස්. එම්. අමරසිංහ නව තරග වාර්තාවක් බිහි කළාය. මීට අමතරව මීටර් 4ඥ100 මිශ‍්‍ර සහය සහ මීටර් 4ඥ1500 ඉසව් වලින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘එ් කණ්ඩායමත් නව තරඟ වාර්තා පිහිටුවීමට සමත් වූහ.

කසුන් රණවීර

ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment