සජබට පක්ෂ දහයේ එකමුතුවෙන් යෝජනා දෙකක්

430


ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාව සහාය පළ කිරීමට නම් තමන් ඉදිරිපත් කරනු ලබන විකල්ප යෝජනා දෙකක් අතරින් එකක් ක්‍රියාත්මක කිරීමට සූදානම් දැයි විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්‍ෂ දහයේ එකමුතුව සහ ස්වාධීන වූ පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සමඟි ජනබලවේගය වෙත ලිපියක් යවා තිබේ.
විශ්වාස භංගයෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු සමඟි ජනබලවේගය සර්ව පාක්‍ෂික ජාතික එකඟතා ආණ්ඩුවකට සහාය දැක්වීම හෝ එසේ අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ කටයුතු කිරීමට අකමැති නම් ආණ්ඩුව භාරගෙන කටයුතු කළ යුතුයි යන්න ඔවුන් ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ විජයදාස රාජපක්‍ෂ යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව සමඟි ජනබලවේගය වෙත එම ලිපිය යොමු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment