සජබයෙන් අලුත් සංවිධානයක්: තරුණයන් ලක්‍ෂයක් කොළඹ ගේන සැලසුමක්

230

පෙරළියක ඇරඹුම යන මැයෙන් තරුණ තරුණියන් ලක්‍ෂයක් පමණ කොළඹට ගෙන්වා ආණ්ඩු විරෝධී තරුණ හ`ඩක් නැගීමට සමගි ජනබලවේගය, සමගි විහිදුම් බලගණය නමින් නව තරුණ සංවිධානයක් ආරම්භ කර ඇත.

මෙම සංවිධානය සඳහා සෑම දිස්ත‍්‍රික්කයකින්ම වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් 3000 බැගින් බඳවා ගනිමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ පළමු වැඩසටහන ඊයේ (15දා) රත්නපුරයේ දී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

මාස දෙකක් ඇතුළත මෙම තරුණ තරුණියන් සෑම දිස්ත‍්‍රික්කයකින්ම බඳවාගන්නා අතර මෙහි සභාපතිත්වය සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා විසින් දරනු ලබයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment