සජබයේ ඉන්න ගමන් ආණ්ඩුවට සහාය දෙනවා මාව පක්ෂයෙන් පන්නන්න කාටවත් බෑ – ඩයනා ගමගේ

365

‘‘මම සමගි ජන බලවේගයේ යාවජීව සාමාජිකාවක්. පක්ෂයෙන් නෙරපන්න තීරණය කළා කියන කතාව මම දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මම මේකට නීත්‍යානුකූල පියරව ගන්නවා’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (08 වැනිදා* පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මියව සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එම පක්ෂය ගෙන ඇති තීරණය පිළිබඳව ඇයගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරිය මෙසේ ද සඳහන් කළාය.

මට මේ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් දැනුම් දීමක් කරලා නැහැ. මම සමගි ජන බලවේගයෙන් තරග කරලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. මගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරන්න කාටවත් අයිතියක් නැහැ. මම සමගි ජන බලවේගයේ ඉන්න ගමන් පවතින වත්මන් ආණ්ඩුවට සහයෝගය දෙනවා. කොහොමත් මම මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment