සජබ පා ගමන හෙට

241

සමගි ජන බලවේගය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘සමගි බල පා ගමන’ හෙට (26දා) මහනුවර සිට කොළඹ දක්වා ගමන් ඇරඹීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙම පාගමන මහනුවර පොළ අසලින් ආරම්භ කෙරේ. පාගමන ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක ඇතුළු පිරිස ප‍්‍රථමයෙන් ශී‍්‍ර දළදා වහන්සේගෙන් ආශිර්වාද ලබා ගනු ඇත.
භික්ෂූන් වහන්සේලා සියක් නමත් විෂයෙහි දානමය පූජාවකින් පසු ශී‍්‍ර නාථ දේවාලයටද ගොස් ආරම්භ කෙරෙන මෙම පාගමන මැයි 01දා කොළඹ මහනගර සභා පිටියෙන් අවසන් කෙරෙන බව සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට කීය.
ඒ අනුව මෙම පාගමන ප‍්‍රථම දිනයෙහි මහනුවර සිට මාවනැල්ල නගරය දක්වා පැමිණීමට නියමතය. ඊට පසු දින එය මාවනැල්ලේ සිට ගලිගමුව දක්වා පැමිණෙන අතර 28දා ගලිගමුව සිට දං ඕවිට දක්වා පැමිණෙනු ඇත. අනතුරුව දංඔවිට සිට යක්කල දක්වා 29දා ද ඉන් පසුදින(30) යක්කල සිට පෑලියගොඩ දක්වා පැමීනීමට නියමිතය.
අනතුරුව අවසන් දිනයේදී (මැයි 01) සජබ පාගමන නිදහස් මාවත වෙත පැමිණීමට නියමිත බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
වත්මන් ජනාධිපතිවරයාට” ආණ්ඩුවට එරෙහිව පවත්වන මෙම පාගමන සඳහා විපක්ෂ නායක සජිත් පෙ5්මදාස මහතා ප‍්‍රමුඛ සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්” දේශපාලන නායකයින්ථ කි‍්‍රයා කාරීන්.පාක්ෂිතයන් ඇතුඵු විශාල පිරිසත් සහබාගී වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment