සජබ මන්තී‍්‍රන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න කථානායකට බැරිවෙලා – සජිත් පේ‍්‍රමදාස

117

පාර්ලිමේන්තුව තුළ මැරකම, භීෂණය කි‍්‍රයාත්මක කරන ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට එරෙහිව කථානායකවරයා පැහැදිලි පියවරක් ගෙන විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තු සභා ගැබට නොපැමිණ පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (6දා) සමගි ජනබලවේගය මන්තී‍්‍රවරුන් නිහඬ විරෝධතාවක නිරත වූ අතර එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

ආණ්ඩුව තමාගේ අදක්‍ෂකම සහ නොහැකියාව හමුවේ මේ වන විට සමගි ජනබලවේගය මන්තී‍්‍රවරුන්ට ප‍්‍රචණ්ඩත්වය දක්වන්න පටන් අරන්. ආණ්ඩුවට එරෙහි දැඩි වාග් ප‍්‍රහාර එල්ල කරන මනූෂ නානායක්කාර මහතාට පහරදීමට උත්සාහ කර තිබෙනවා. එම ප‍්‍රහාරය ගැන කථානායකවරයා නිහඬයි. ඔහුට සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරුන්ට ආරක්‍ෂාව දීගන්න බැරිවෙලා. එහෙම කථානායකවරයෙක් අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. මනූෂ නානායක්කාර මන්තී‍්‍රවරයාට පහරදීමට කටයුතු කළ ඒ වගේම ආණ්ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂය දෙසට පැමිණි මන්තී‍්‍රවරුන්ට එරෙහිව කථානායකවරයා අනිවාර්යයෙන්ම පියවර ගත යුතුයි. කථානායක කියන්නේ නිර්පාක්‍ෂික අයෙක්. නමුත් ඔහු අපේ විශ්වාසය පැහැර හැරලා. ඔහු අපේ මන්තී‍්‍රවරුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි. ඒ වගේම මනූෂ නානායක්කාර මහතාට මැර ප‍්‍රහාරය එල්ල කරන්න ආපු ඒ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතුයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩකරමින් ආණ්ඩුව අද තනියම විවාදයක් කි‍්‍රයාත්මක කරනවා. මේක අපට පිළිගන්න බෑ. ආණ්ඩුවේ අයගේ උපදෙස්වලට යට නොවී කොන්ද කෙළින් තබාගෙන විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න. මැරකමට, භීෂණයට එරෙහිව කථානායකවරයා කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment