සජබ මන්ත‍්‍රීන්ට ගැටලූ කියන්න පංච පුද්ගල කමිටුවක්

104

සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා පක්‍ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සභාපති සරත් ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමිතියාස් බාකිර් මාකර්, භාණ්ඩාගාරික ඉරාන් වික‍්‍රමරත්න, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වෙති.

සමගි ජන බලවේගය නායක සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර මන්ත‍්‍රීවරුන් හෝ පක්‍ෂය සම්බන්ධයෙන් ගැටලූවක් ඇතිවුවහොත් කමිටුව ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ඇත.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment