සජබ මැයි රැලිය අස්සේ හරින් – ෆොන්සේකා ගැටෙති

345

කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපට නිදහස් මාවතේ ඊයේ (01දා) පැවැති සමගි ජන බලවේගයේ මැයි දින සමරු උළෙලේදී එම පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ එම පක්‍ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අතර ගැටුමක් හටගත්තේය.

සජබ මැයි රැලිය අස්සේ හරින් - ෆොන්සේකා ගැටෙති

මැයි දින රැලියේ න්‍යාය පත්‍රය සැකසීම ඇතුළු සියලු සංවිධාන කටයුතු හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලැබූ අතර එහි කථික ලැයිස්තුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉවත්කර තිබීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇත.

සජබ මැයි රැලිය අස්සේ හරින් - ෆොන්සේකා ගැටෙති

සිය නම ඉවත්කිරීම පිළිබඳව රැලිය අතරතුර සරත් ෆොන්සේකා මහතා විසින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැඳවා ප්‍රශ්න කරන ලද අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා ද මැදිහත් විය.

 ප්‍රශ්න කිරීම අතරතුර කෝප වූ සරත් ෆොන්සේකා මහතා එකවරම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හැඳ සිටි සරමෙන් ඇද දැමූ අතර එහිදී හටගත් ගැටුම සමථයකට පත්කිරීමට සජිත් ප්‍රේමදාස මහතා හා රවුෆ් හකීම් මහතා මහත් පරිශ්‍රමයක් දරනු දැකිය හැකිවිය. ඒ සමගම හරින් ප්‍රනාන්දු මහතා අසභ්‍ය වචනයෙන් සරත් ෆොන්සේකා මහතාට බැණ වැදුණු අතර පසුව මනූෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ හරින් ප්‍රනාන්දු මහතා මහත් පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් පිටතට රැගෙන ගියහ.

සජබ මැයි රැලිය අස්සේ හරින් - ෆොන්සේකා ගැටෙති


මෙම ගැටුම දෙස රැලිය ඉදිරිපිට සිටි බොහෝ දෙනකු මවිතයෙන් බලාසිටි අයුරු දැකගත හැකිවිය.

 පසුව සිය කතාවේදී අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ “සරම් උස්සන් දඟලන චන්ඩින්ට තමා බිය නොවන බවයි.”

 අනතුරුව සරත් ෆොන්සේකා මහතා සිය කතාවේදී පැවසුවේ සී අයි ඩී යට එන්න කීවාම බියගුල්ලන් සරම උස්සන් හිටියත් පහළ දමාගෙන හිටියත් කුදලාගෙන එන බවයි.

 කෙසේ වෙතත් රැලියේ අවසන් කතාව කළ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ හොරු ඇල්ලීමේ වගකීම සහිත ආරක්‍ෂක ඇමැතිධුරය තම රජයක් යටතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පවරන බවයි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment