සජබ විරෝධතාවට ගිය කාන්තාවක් මරුට

179

බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ ඊයේ (20) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග විරොධතා රැළියක් සඳහා සහභාගීවෙමින් පෙළපාලියක ගමන් කරමින් සිටි කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වලල්ලාවිට යගිරල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් බවදල බදුරලිය බෝගහ හන්දියේ සිට රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට සංවිධානය කර තිබුණු විරොධතා පෙළපාලියක මෙම කාන්තාව ගමන් කරමින් සිටියදී කඹුරාවල පාසල ආසනයේ දී මහමග ඇද වැටී ඇතැයි බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment