සජබ විරෝධතා කලකට අත්හිටුවයි

414

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගල කරන අරගලකරුවන්ට එරෙහිව ආණ්ඩුව අතිශය ම්ලේච්ඡු ලෙස කටයුතු කරන බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති තලංගම පොලිසියට ඊයේ (06 දා* පෙරවරුවේ විපක්ෂ නායකවරයා පැමිණි අතර එහිදී මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියේය.

 රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගය දිගින් දිගටම අරගල කරන බව පැවසූ විපක්ෂ නායකවරයා දුක, කඳුළ, වේදනාව මතින් නැගෙන ජනතා අරගල නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බව ද පැවසීය.

 රටේ ප‍්‍රශ්න ජාත්‍යන්තරයට රැුගෙන යෑමට පෙර රට තුළ විසඳාගැනීම සිය ප‍්‍රතිපත්තිය බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ පවත්නා කොරෝනා ව්‍යසනය හේතුකොට ගෙන ජනතාව ගැන සිතා සමගි ජන බලවේගය විසින් දියත් කරනු ලබන විරෝධතා සහ පා ගමන් කෙටි කලකට අත්හිටුවන බව ද සඳහන් කළේය.

 කෙසේ වෙතත් ආණ්ඩුව ජනතාවට එරෙහිව ගෙන එනු ලබන සියලූ ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කරනු ලබන අරගලය නතර නොකරන බව ද පැවසීය.

 කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එහි රඳවා සිටින ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා එහිදී සොයා බැලූවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment