සජබ විශ්වාසභංගයට අත්සන් 113 ක් ලැබුණා – ලක්‍ෂ්මන් කිරිඇල්ල

263

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් මේ වන විට අත්සන් කරමින් තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අත්සන් 113 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අත්සන් මේ වන විට ලැබී ඇතැයි කී ඒ මහතා, ඉදිරි දිනකදී යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන බවද කීවේය. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මන්ත්‍රී අත්සන් 20ක් ප්‍රමාණවත් වුවද මෙය ආණ්ඩු මාරුකිරීම සඳහා ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් වන බැවින් මන්ත්‍රී අත්සන් 113 ක් ලබා ගෙන අවසන් වූ පසු භාර දෙන බව ද ඔහු පැවසීය.

විශ්වාසභංග යෝජනාව සඳහා සජබ, දෙමළ ජාතික සංධානය, ජාතික ජන බලවේගය මෙන්ම ආණ්ඩු පාර්ශවයේ සිට ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රී පිරිසක් ද අත්සන් කළ බව මන්ත්‍රීවරයා කීය. මේ අතර වතු කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ද විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට තීරණය කර ඇතැයි එහි ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටී.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment