සජබ සූදානම්

116

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය මේ වනවිට නාමයෝජනා සැකසීම අවසන් අදියරට පැමිණ ඇතැයි එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට කීය.

මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් අලුතින් අයදුම්පත්‍ර විශාල ප්‍රමාණයක් ලැබී තිබූ බවද, අපේක්‍ෂකයන් 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවූ බවද ඔහු කීවේය.

එම අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ ආසන සංවිධායකයන්ගෙන් ඔවුන් පිළිබඳ තොරතුරු මේ වනවිටත් ලබාගෙන අවසන් බව තිස්ස අත්තනායක මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට කීය. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් ඉතා හොඳ සූදානමක සමගි ජනබලවේගය සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment