සජබ 10 ක් රනිල් ළඟට යන්න සූදානම් – මහින්දානන්ද අලුත්ගමගේ

248

විපක්ෂ නායකවරයාගේ පක්ෂයේ සිටින නමේ මුලට හ, එ, ර, ස අකුරු යෙදෙන මන්තී‍්‍රවරුන් 10 දෙනෙකු පමණ ඉදිරි සති දෙක තුන ඇතුළත අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අතුරලියේ රතන හිමියන් විසින් 27 (2) යටතේ අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරුදීමේ දී ඇති වූ අතුරු කතාවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා – හර්ෂ ද සිල්වා මන්තී‍්‍රතුමා අපට සහයෝගය ලබාදෙන්න, එකට වැඩ කරන්න එකඟ වෙලා තිබෙනවා.

හර්ෂ ද සිල්වා මහතා – මම විතරක් නොවෙයි අපේ කණ්ඩායමම ඔය පැත්තෙන් අසුන් ගන්නවා වැඩි කල් යන්නේ නැතුව.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා – බලන්නකෝ තිබෙන සතුට. මුදල් ඇමැතිකම ගන්න තී‍්‍රවිල්වල යනවා. ඔයාලා බලාගෙන ඉන්නේ මේ පැත්තට එන්න තමයි. ඒත් ඒවා දවල් හීන. තව මාස දෙක තුනක් යන කොට සජිත් පේ‍්‍රමදාස මහතාගේ විපක්ෂයෙන් ගැලවිලා කීදෙනෙක් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගාව සිටගන්නවාද කියලා බලන්න පුළුවන්. නම් කියන්නම්. අට දෙනයි. දැනට 10ක් යන්න සූදානම්.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා – මම ඉතාමත්ම සතුටුවෙනවා මහින්දානන්ද අලූත්ගමගේ මහතා එළිපිටම කිව්වා සර්වපාක්ෂික උගුලෙන් මොකද වෙන්නේ කියලා. රටේ ජනතාව තීන්දුවක් ගනීවි අපට පාලන බලය ලබාදෙන්න.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා- විපක්ෂනායකතුමා, මම අර නම් ටික ඕනෑ නම් කියන්නම්. හ – යන්නෙත් එක්කෙනයි, එ – යන්නෙන් එක්කෙනයි, ර – යන්නෙත් එක්කෙනයි, ස – යන්නෙත් එක්කෙනයි. නම් ටික බලාගන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment