සජබ 15ක් අත්අඩංගුවට

505


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ අද ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක නිරතව සිටියදී පොලිසිය විරෝධතාකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම විරෝධතාවය නවතා දමා විසිරී යන ලෙස ජනතාවට සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පැවැසීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.
එම අවස්ථාවේ නාවලපිටිය පොලීසිය සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුළු 15 දෙනකුගෙන් යුත් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment