සජබ 7 ක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා

269

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනකු ආණ්ඩුව සමග එක්වීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම පිරිස එළැඹෙන දෙසැම්බර් මාසයේ ආණ්ඩුවට එක්වනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලීමට වඩා කළ යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීම බව ද හෙතෙම සඳහන් කළේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment