සජිත්ගේ ඊපීඑෆ් ප‍්‍රශ්නයෙන් මැතිසබය ඇවිස්සෙයි

276

සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබෙන ලාභයට බද්දක් අයකොට එම අරමුදල මහ දවල් මංකොල්ල කෑමට යෑම අනුමත කරනවාදැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කම්කරු ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීම දුරදිග ගොස් පාර්ලිමේන්තුවේදී ඊයේ (9 දා) ආණ්ඩුව සහ විපක්‍ෂය අතර මත ගැටුමක් ඇතිවිය.

විපක්‍ෂ නායක- මම ඊයේ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ බරපතළ ගැටලූ ඇතිකරන සිද්ධියක් ගැන ප‍්‍රශ්න කළා. මේ රටේ ආනයනය සඳහා විදේශ සංචිත ඉතිරිවෙලා තිබෙන්නේ සති තුනකට පමණයි. ඒවට උත්තර නෑ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාවේ සිටින අවස්ථාවේ මං අහන්නේ ලංකාවේ ලොකුුම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලට සියයට 25ක බද්දක් දමලා. මුදල් ඇමැතිතුමා කම්කරු ජනතාවගේ මුදල්වලට තට්ටු කරන කි‍්‍රයාදාමයක් කි‍්‍රයාත්මක කරන්න යනවා. ඒ තමාගේ ගෝල බාලයන්ට වැඩ ලක්‍ෂයක් කිරීමට. වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට බද්දක් ගහලා රුපියල් බිලියන 65ක මුදලක් අරගෙන ජනතා මුදල් මංකොල්ල කන්නද මේ හදන්නේ? මේ මුදල් ගසා කෑම ගැන කම්කරු ඇමැතිවරයා මොකක්ද කියන්නේ? ඔබ නිහ`ඩද? තම තමන්ගේ සුරතලූන්ට සුරතල් වැඩ කිරීමට ගන්නා මේ මංකොල්ලය වහාම නතර කරන්න.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා- මගේ ස්ථාවරය මොකක්ද කියලා මම ප‍්‍රකාශ කරලා තිබෙනවා. එය අද පත්තරවලත් තිබෙනවා. මේ ගැසට් එක ගැන මීට පෙර අයවැයට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අර්ථ නිරූපණයක් ලබාදීලා තිබෙනවා. අර්ථසාධක අරමුදලෙන් ලැබෙන මුදල ආදායමක් ලෙස සලකා එයට බද්ධක් අයකළ යුතුයි කියලා. නමුත් අපේ අමාත්‍යාංශය ඒක වැරදියි කියලා මාස ගණනාවකට පෙර මහා භාණ්ඩාගාරයටත්, දේශීය ආදායම් කොමසාරිස්ටත් දන්වලා තිබෙනවා. එය නීත්‍යානුකූල අර්ථ දැක්වීමක් නොවෙයි කියලා අපි දැන්වූවා.

විපක්‍ෂ නායක- ඒ විරුද්ධතාව මැද ගැසට් එකක් ගැහුවේ කොහොමද? එය ඇමැතිතුමා අනුමත කරනවද?

නිමල් සිරිපාල ද සිල්වා මහතා- ඒ අවස්ථාවේදී අර්ථ නිරූපණය කිරීම වැරදියි කියලා අපි දන්වලා තිබෙනවා. අපි එය මෙතෙක් කල් ප‍්‍රතික්‍ෂේප කරලා තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා- පක්‍ෂ නායක රැුස්වීමේදී කතා කරලා ඒ අරමුදල් දෙකම ආදායම් බදුවලින් නිදහස් කරන්න.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා- සමගි ජනබලවේගයේ අපි මේ ගැන විවාදයක් ඉල්ලනවා. දෙපාරක් බදු අය කරන්න දෙන්න බෑ. අර්ථසාධක අරමුදල් ලාභියෙක් ඒ මුදල ලැබුණහම බද්ද ගෙවනවා. ඒ නිසා මෙහෙම දෙපාරක් බදු අය කිරීම වැරදියි.

චමින්ද විජේසිරි මහතා- අරමුදල්වලින් බදු අය කරලා රට හදන්න යනවා. එහෙම කරන්න දෙන්න එපා.

ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා- මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ තිබුණු පනත නොවෙයි දැන් තිබෙන්නේ. ඒ පනත මගින් තිබූ බදු නිදහස් කිරීම සියල්ල ඉවත් කරලා යහපාලන රජය තමයි මේ ආදායම් බදු පනත සංශෝධනය කළේ. ඒ අනුව තමයි මේ විධිවිධාන ගෙනත් තිබෙන්නේ.

ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා- දේශීය ආදායම් 2017 කියන පනත ගෙනාවේ මේ අයගේ පාලන කාලයේ. මේ අය දන්නේ නෑ වගෙයි කතා කරන්නේ. ජනතාව නොමඟ යවන්න එපා මේක අපි ගෙනාපු පනතක් වගේ.

විපක්‍ෂ නායක- මේක පුදුම විහිළුවක්. සියයට විසිපහේ බද්ද ගහලා තිබෙන්නේ මේ ආණ්ඩුව.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා- මේ ගැන පැහැදිලි කරන්න බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට අවස්ථාව දෙන්න. විපක්‍ෂ නායකතුමා ඒ කාලේ කැබිනට් එකේ බුදියං ඉඳලා දැන් කතා කරනවා.

බන්දුල ගුණවර්ධන මහතා- පසුගිය රජය ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ගියා ආදායම් වැඩි කරලා වියදම් අඩු කරන්න. එහිදී සහන අහෝසි කරලා බදු වැඩි කළා.

ගයන්ත කරුණාතිලක මහතා- මේ අය ගහපු ගැසට් එක යහපාලන ආණ්ඩුවේලූ. මධ්‍යම අධිවේගය විවෘත කරන කොට ඒ ගොල්ලන්ගේ.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා- අපි ගෙනාපු පනතක් කිව්වා. එහි මොන වගන්තියද කියලා නාමල් ඇමැතිතුමා කියන්න.

ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා- ඔබතුමා වගන්ති හොයන්න කලින් පනත හොයාගෙන ඉන්න. පනත ගැන දන්නේ නැතුව වගන්ති ගැන හොයනවා. බන්දුල ඇමැතිතුමා හෙට ඒ කරුණු අවශ්‍ය නම් සභාගත කරයි. පනත දන්නැති අයට වගන්තියක් කියලා වැඩක් තියෙනවාද?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment