සජිත්ට ගේට්‌ටුව වසයි වරාය ළග උණුසුම් තත්ත්වයක්‌

389

උද්ඝෝෂණයක නිරතව සිටියදී පෙරේදා (04 දා* වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පතිවරුන් 44 දෙනාගේ සුවදුක් විමසීම සඳහා වරාය පරිශ‍්‍රයට ඊයේ (05 දා* පෙරවරුවේ එහි ගිය විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර යන මහත්වරුන්ට එහි නිලධාරීන් සහ පොලිසිය ඊට ඇතුළුවීමට ඉඩ ලබා නොදීම නිසා එහි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. 04- පිටුවට

 විපක්‍ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා තවත් නීතිඥයන් කිහිපදෙනකු සමග ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ වරාය පොලිසිය සහ පොලිස් නිලධාරීන් ඔවුනට ඇතුළුවීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

 වරාය පොලිසිය පිහිටා ඇත්තේ කොළඹ වරාය පරිශ‍්‍රය තුළ වීම නිසා එහි යෑමට වරාය අධිකාරියෙන් අවසර ගත යුතු යැයි වරාය පොලිසිය විපක්‍ෂ නායකවරයා ඇතුළු පැමිණි පිරිසට සඳහන් කළේය.

 එහිදී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විනාඩි 30 ක පමණ කාලයක් තිස්සේ එම ස්ථානයේ රැුඳී සිටිමින් මන්තී‍්‍ර වරප‍්‍රසාද ආදිය ගැන කියමින් එම පරිශ‍්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

 එම පරිශ‍්‍රයට ඇතුළුවීමට අවසරය ගැනීමට පොලිස්පතිවරයා වෙත ද පැමිණි පිරිස දුරකථන ඇමැතුම් ගැනීමට උත්සාහ කළ ද එයද සාර්ථක නොවූ බැවින් පිරිස පසුව එම ස්ථානයෙන් පිටව ගියහ.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment