සජිත්ට සුබ උපන් දිනයක්

312

විපක්‍ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ 55 වැනි ජන්ම දිනය අද (12 දා) ට යෙදී තිබේ.

2000 මහ මැතිවරණයෙන් පළමු වරට එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිසබයට තේරීපත්වූ සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ,නිවාස ඇමැති ආදී ඇමැති පදවි හෙබවූ අතර සමගි ජනබලවේගය නායකයා ලෙස පසුගිය මහ මැතිවරණයේදී විපක්‍ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් විපක්‍ෂ නායක පදවියට ද පත්විය.

තම පියා වූ දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා දියත් කළ නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට ඔහු තම නිවාස අමාත්‍ය ධුර කාලයේදී ඉමහත් වැඩකොටසක් ඉටු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment